Day: June 29, 2021

රටේ මුදල් තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ තත්ත්වය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබේ. එම ප්‍රකාශය මෙසේ ය.

පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වෙයි. කියවන්න...