Month: July 2021

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගොඩ නැගෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව මුදල් අමාත්යංශය කියයි.

එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙසේය. කියවන්න...

නියමිත පරිදි ණය ගෙවීම් කළා – මුදල් රජය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිතව තිබු ඇමෙරිකානු ඩොලර් බිලියනයක  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

මෙම ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ගොඩ නැගීමට  ඉඩ සැලසෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. කියවන්න...

නව මුදල් ඇමති බැසිල්ගේ පළමු පනත කළු සල්ලිවලට සහන දෙන්න පාර්ලිමේන්තුවට

නව මුදල් ඇමතිවරයාගේ ප්‍රමුඛතා කාර්යයක් බවට පත්ව ඇතැයි, කියන, විදේශයන්හි සඟවා ඇති කළු සල්ලි ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා බදු සමාව ලබාදෙන පනත් කෙටුම්පත ඊයේ ( 20 දා ) පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇති බව වාර්තා වෙයි.

මෙම පනත මගින් ලබාදෙන සමාව මත ශ්‍රී ලාංකිකයින් සතු කළු සල්ලි විශාල ප්‍රමාණයක් මෙරටෙහි ආයෝජනය කරනු ඇතැයි නව මුදල් ඇමතිවරයා බලාපොරොත්තු වන බව කියති. කියවන්න...

ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කරන පනත කැබිනට් මණ්ඩලයෙන් අනුමතයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ, පිරිපහදු කිරීමේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කොට පෞද්ගලික අංශයට ද එම අවස්ථාව විවෘත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

2003 ශ්‍රී ලංකා ඛනිජ තෙල් පනත මේ අනුව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සඳහා වූ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමි වී තිබේ. කියවන්න...

වසරක් තුළ ආහාර වියදම සියයට 30 කින් ඉහළට – අඩ්වෝකාටා ‘බත්කරී’ දර්ශකයෙන් පෙන්නුම් කරයි

පසුගිය වසරක කාලය තුළ මේර ජනයාගේ ආහාර වියදම සියයට 29.86 කින් ඉහළ ගොස් ඇති බව ‘අඩ්වෝකාටා’ ආයතනය හඳුන්වා දී ඇති ‘බත්කරි ‘ දර්ශකයෙන් පෙන්නුම් කරයි. එම දර්ශකයට අනුව පසුගිය මාසයේ ආහාර වියදම් ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 14.3 කි. පසුගිය මාස තුනේ සාමන්‍යය සටහන් වී ඇත්තේ සියයට 12.32 ක් වශයෙනි.

සාමාන්‍ය ජනයාගේ ආහාර වියදම්වල ඉහළ , පහළ යෑම ගණනය කිරීම සඳහා හඳුන්වා දී ඇති මෙම දර්ශකය මගින් පෙන්නුම් කරනුයේ මහජනයා සිය ආහාර සඳහා කරන වියදම් ය. කුටුම්භයක සියලු වියදම් මත පදනම් වන පාරිභෝගික මිල දර්ශක හෝ උද්ධමන දර්ශක වලින් මෙම දර්ශකය වෙනස් වන්නේ මහජනයාගේ අත්‍යවශ්‍ය ආහාර මිල පමණක් මෙහි දී සැලකිල්ලට ගන්නා හෙයිනි. කියවන්න...

කුඩා ව්‍යාපාර දියුණු කරන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 150 ක ආධාර

ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපර අංශයට රුකුල් දීම , පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමේ අරමුණෙන් මෙම මූල්‍යාධාර ලබා දෙන බවද ඇමෙරිකා තානාපති කාර්යාලය වැඩි දුරටත් කියයි. කියවන්න...

උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත ඉතා කඩිනමින් යා යුතු බවයි. කියවන්න...

යුරියා ගැන කියන කතා ඇත්තද? බොරුද? – ආචාර්ය නිමල් රාජපක්ෂ විසිනි

මෑතක දී කෘත්‍රිම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුව ප්‍රසිද්ධ මාධ්‍යයන් හි බොහෝ විශේෂඥ කතිකා ප්‍රචාරය වූයේය. කනගාටුවට හේතුවන උත්ප්‍රාසාත්මක කාරණය නම්, රසායන විද්‍යා විෂයෙන් පරිබාහිර වූ එම විශේෂඥයන් යූරියාවල රසායනික ගුණ සම්බන්ධව වැරදි සහගත ප්‍රකාශ කිරීමයි.

පොහොරවල විස ගතිය හෝ වෙනත් කාරණයක් කෘෂිකර්ම විද්‍යාත්මක ගැටලුවක් බවට පත්වන්නේ එය වගා බිම්වලට හානිකර වුවහොත් පමණකි. ඊට පෙරාතුව නිර්මාණය කිරීම, නිෂ්පාදනය ස්ථාවරතාවය, ජීව පැවැත්ම, සෞඛ්‍යයට හානිකර බව හෝ පරිසරයට හානිකර බව වැටහෙන්නේ රසායන විද්‍යා විෂය ක්ෂේත්‍රයටය.
මෑතදී පැවැත්වූ විශේෂඥ කතිකා කිහිපයක දී ඉදිරිපත් වූ වැරදි සහගත මත දුරුකර දැමීමට මෙම ලිපියෙන් උත්සාහ ගැනේ. රසායන විද්‍යාව පැත්තෙන් යූරියා සම්බන්ධ කරුණු කිහිපයක් පහත දැක්වේ. කියවන්න...

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හරහා ආර්ථික සටන ජයගත හැකිද? – කීර්ති ගොඩිගමුව

පුන්‍ය ආයතන හා ලාබ නොලබන ආයතන හැර අනෙක් සියලු වාණිජ ව්‍යාපාර ආයතන ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවාගනු ලැබූ ආයතන වේ. මේ හැර යම් සේවාවක් සැපයීමට අරමුණු කරගෙන රජය විසින් පිහිටවනු ලැබූ ආයතන පවා  වාණිජ පදනමක් මත පිහිටුවා තිබීමෙන් පෙනී යන්නේ, ලාබ ලබාගැනීමේ හෝ අඩුතරමින් වියදම පියවා ගැනීමේ අරමුණ මෙහි ගැබ්ව ඇති බවයි. සෑම ව්‍යාපාරික ආයතනයකට ම, එය පුද්ගලික වුව ද , රජයේ වුව ද,  බොහෝ සමානකම් ඇත. එනම්, ඒවායේ පදනම එක හා සමාන ය. සරල ම උදාහරණය ලෙස හිමිකරු විසින් පවත්වාගෙන යන වෙළෙඳසැලක් හෝ වැඩපොළක් සැලකිය හැකි ය. එහි හිමිකරු හා සේවකයා ද එක ම පුද්ගලයෙකි. ව්‍යාපාරය විශාල වන විට එහි කටයුතු එක් පුද්ගලයකුට සිදුකළ නොහැකි හෙයින් එහි සේවාව සඳහා බාහිර පුද්ගලයින් යෙදවීමට සිදුවේ.

ලියාපදිංචිකිරීමේ පිළිවෙළ අනුව තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස ද, සමාගම් ලෙස පුද්ගලික සමාගම් හෝ පොදු සමාගම් වශයෙන් ද, පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත සංස්ථා, අධිකාරි හෝ මණ්ඩල ලෙස ද මේවා වර්ග කළ හැකි ය. මේ වර්ගීකරණය පදනම්ව ඇත්තේ අදාළ ව්‍යාපාරයේ ප්‍රාග්ධන හිමිකරුවාගේ රුචි අරුචිකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමට අදාළ ව්‍යාපාරික ආයතනයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන ආකාරයට ය. ප්‍රායෝගික තලයේ දී තනිපුද්ගල හෝ හවුල් ව්‍යාපාරවල හිමිකරුවන් බොහෝවිට අදාළ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයක් හෝ හැකියවක් ඇති අයවලුන් වන අතර ඔහු හෝ ඇය කෙළින් ම එම ව්‍යාපාරයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙයි. එසේ නොමැති නම්, අඩුතරමින් මූල්‍ය කටයුතු හෝ අධීක්ෂණය කරයි. ඊට අමතරව ව්‍යාපාරික තීන්දු ගැනීමේ දී මූලිකත්වය ගනියි.   කියවන්න...

තිත්ත ඇත්තට මූණදෙමු – කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය

ගෙවාගැනීමට බැරි තරමට ඉහළ ගොස් තිබෙන දෙස් විදෙස් ණය සහ විදේශ විනිමය සංචිතයපහළ බැසීම නිසා අද රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී සිටින්නේ බරපතළ අර්බුදයකටය.මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

මේ විමසුම කරන්නේ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාය. යුනයිටඩ් මෝටර්ස් සහ පැලවත්ත සීනි යන සමාගම්වල ද සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා, රටේ ආර්ථික ප්‍රශ්න ගැන ස්වාධීන මත දරන ආර්ථික හා මූල්‍යමය කරුණු පිළිබඳ උද් යෝගිමත් පුරවැසියෙකි. මේ, ඒ මහතාගේ හඬයි. කියවන්න...