ෆයිසර් එන්නත් ලක්ෂ පනහක් සහ ඔක්සිජන් ජනක යන්ත්‍ර ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 370 ක ආධාර

ෆයිසර් සමාගමේ නිෂ්පාදිත එන්නත් මාත්‍රා ලක්ෂ පනහක් මිල දී ගැනීම සහ දිස්ත්‍රික් මට්ටමින් ඔක්සිජන් නිෂ්පාදන අංශ ස්ථාපිත කිරීම සඳහා ආධාර ලබා දීමට ලෝක බැංකුව ඉදරිපත් වී ඇත.
මේ යටතේ එන්නත් මාත්‍රා 800,000 ක් සඳහා මේ වනවිටත් ගෙවීම් කොට ඇති අතර එහි මුල් කොටස ලෙස මාත්‍රා 26,000ක් මේ වනවිට මෙරටට ලබා දී ඇත. ඉතිරි එන්නත් මාත්‍රා කොටස් වශයෙන් ලැබෙනු ඇති බවත්, වසර අග වන විට එන්නත් මාත්‍රා ලක්ෂ පනහක් ලබා දීමට කටයුතු කරන බවත් ලෝක බැංකුව කියයි.
ඔක්සිජන් ජනක යන්ත්‍ර ස්ථාපනය ඇතුළු, සෞඛ්‍ය සේවයේ හදිසි සංවර්ධන අවශ්‍යතා සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 289.07 ක් ද , එන්නත් සඳහා ඩොලර් මිලියන 80 ක් ද ලබා දීමට ලෝක බැංකුව කටයුතු කොට ඇත.