Day: July 11, 2021

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හරහා ආර්ථික සටන ජයගත හැකිද? – කීර්ති ගොඩිගමුව

පුන්‍ය ආයතන හා ලාබ නොලබන ආයතන හැර අනෙක් සියලු වාණිජ ව්‍යාපාර ආයතන ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවාගනු ලැබූ ආයතන වේ. මේ හැර යම් සේවාවක් සැපයීමට අරමුණු කරගෙන රජය විසින් පිහිටවනු ලැබූ ආයතන පවා  වාණිජ පදනමක් මත පිහිටුවා තිබීමෙන් පෙනී යන්නේ, ලාබ ලබාගැනීමේ හෝ අඩුතරමින් වියදම පියවා ගැනීමේ අරමුණ මෙහි ගැබ්ව ඇති බවයි. සෑම ව්‍යාපාරික ආයතනයකට ම, එය පුද්ගලික වුව ද , රජයේ වුව ද,  බොහෝ සමානකම් ඇත. එනම්, ඒවායේ පදනම එක හා සමාන ය. සරල ම උදාහරණය ලෙස හිමිකරු විසින් පවත්වාගෙන යන වෙළෙඳසැලක් හෝ වැඩපොළක් සැලකිය හැකි ය. එහි හිමිකරු හා සේවකයා ද එක ම පුද්ගලයෙකි. ව්‍යාපාරය විශාල වන විට එහි කටයුතු එක් පුද්ගලයකුට සිදුකළ නොහැකි හෙයින් එහි සේවාව සඳහා බාහිර පුද්ගලයින් යෙදවීමට සිදුවේ.

ලියාපදිංචිකිරීමේ පිළිවෙළ අනුව තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස ද, සමාගම් ලෙස පුද්ගලික සමාගම් හෝ පොදු සමාගම් වශයෙන් ද, පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත සංස්ථා, අධිකාරි හෝ මණ්ඩල ලෙස ද මේවා වර්ග කළ හැකි ය. මේ වර්ගීකරණය පදනම්ව ඇත්තේ අදාළ ව්‍යාපාරයේ ප්‍රාග්ධන හිමිකරුවාගේ රුචි අරුචිකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමට අදාළ ව්‍යාපාරික ආයතනයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන ආකාරයට ය. ප්‍රායෝගික තලයේ දී තනිපුද්ගල හෝ හවුල් ව්‍යාපාරවල හිමිකරුවන් බොහෝවිට අදාළ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයක් හෝ හැකියවක් ඇති අයවලුන් වන අතර ඔහු හෝ ඇය කෙළින් ම එම ව්‍යාපාරයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙයි. එසේ නොමැති නම්, අඩුතරමින් මූල්‍ය කටයුතු හෝ අධීක්ෂණය කරයි. ඊට අමතරව ව්‍යාපාරික තීන්දු ගැනීමේ දී මූලිකත්වය ගනියි.   කියවන්න...