කුඩා ව්‍යාපාර දියුණු කරන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 150 ක ආධාර

ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපර අංශයට රුකුල් දීම , පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමේ අරමුණෙන් මෙම මූල්‍යාධාර ලබා දෙන බවද ඇමෙරිකා තානාපති කාර්යාලය වැඩි දුරටත් කියයි.

මෙම අරමුදල් මෙරට පෞද්ගලික බැංකුවක් හරහා ලබා දෙන අතර මෙම මුදල ජාත්‍යනතර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මුදල වෙයි.

ආර්ථික ලෙස සවිබල ගැන්වූ කාන්තාවන් යනු ප්‍රජාවන් සහ රටවල් පරිවර්තනයට ලක් කරන්නක් බැවින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මෙම අරමුදල් උපකාරී වනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවැසුවාය.

තිළිණි ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *