ශ්‍රී ලංකාව ‘ණය රහිත රටක‘ පරමාදර්ශය කරා – මහ බැංකු අධිපති
‘ණය රහිත රටක්‘ යනු ‘ණය ශූන්‍ය‘ නොව, පහසුවෙන් කළමනාකරණය කළ හැකි මට්ටමක ණය ප්‍රමාණයක් පවත්වා ගැනීමයි

ශ්‍රී ලංකාව ‘ණය රහිත රටක්‘ යන පරමාදර්ශය කරා ගමන් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. අද (08) පෙරවරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව zoom තාක්ෂණය ඔස්සේ අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී ‘ණය රහිත රටක්‘ යනු ‘ණය ශූන්‍ය‘ යන අර්ථය නොව, පහසුවෙන් කළමනාකරණය කළ හැකි මට්ටමක ණය ප්‍රමාණයක් පවත්වා ගැනීම බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,