Month: August 2021

වෙළෙඳපොළ මිල පාලනය නිසා හිඳෙන කිරි – ධනනාත් ප්‍රනාන්දු

මගේ මතකයේ තදින්ම සටහන් වුණු වෙළෙඳ දැන්වීමක් තිබෙනවා. ඒ තමයි පොඩි දරුවෙක් හඳ දිහා බලාගෙන “අම්මේ මට හඳ අල්ලන්න ඕන, හඳ මගේ ළඟට ගෙනැල්ලා දෙන්න කියලා’ මොරදෙමින් අඬනවා. අම්මා “මම කොහොමද පුතේ හඳ ගෙනැල්ල දෙන්නේ?, ඒක තියෙන්නේ ගොඩක් ඈතනේ’’ කියල පුතාට තේරුම් කරන්න හැදුවත් පුතා හඳ හාමිව අල්ලන්න ඕන කියමින් යටිගිරියෙන් කෑ ගහනවා.

දරුවාගේ තාත්තා රැකියාව ඉවර වෙලා ගෙදර පැමිණෙනවත් එක්කම දරුවාගේ ඉටුකිරීමට අපහසු ඉල්ලීමට නිර්මාණාත්මක විසඳුමක් ලබා දෙනවා. බේසමකට වතුර පුරවා චන්ද්‍රයාගේ ඡායාව බේසමේ වතුර මතට ගැනීමයි තාත්තා කරන්නේ. කුඩා දරුවා මේ ක්‍රියාවෙන් ඉතාම ප්‍රීතියට පත් වෙනවා. මේ කතාව මට මතක් වුණේ මේ දිනවල ගෑස් පෝලිම සහ කිරිපිටි හිඟය පිළිබඳ මාධ්‍ය වාර්තා සහ අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ වෙනුවෙන් ලබා ද ඇති විසඳුම් දෙස බැලීමේදීයි. කියවන්න...

චීනයෙන් ශ්‍රී ලංකාවට රෙන්මින්බි බිලියන 2 ක ( රුපියල් බිලියන 61.5 ක ) ණයක්

ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රෙන්මින්බි බිලියන 2 ක හෙවත් රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කොට ඇත.

චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ. කියවන්න...

“එක රටක් – බලපත්‍ර ගොඩක්” ආර්ථික විද්‍යාත්මකව – ධනනාත් ප්‍රනාන්දු

සෑම බලපත්‍රයකින්ම සිදුවන්නේ විශාල වංචාවන්.

හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රසායනික පොහොර තහනම ඉවත් කරාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. රජය ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදු කර නැති බවත් ලබා ගත් තීරණය ඉදිරියටම පවත්වාගෙන යන බවයි. ඒ අතරම කාබනික පොහොර සහ සමහර රසායනික සංඝටක ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බවත් කියවෙනවා. මීට පෙරත් සීනි ආනයනය, පාම් ඔයිල් ඇතුළු සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තෝරාගත් පිරිසකට පමණක් බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බව සඳහන් වුණා.

බොහෝ දෙනා මේ බලපත්‍ර නිකුත් කිරීම පසුපස ඇති ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. බැලූ බැල්මටම “බලපත්‍රයක් නිකුත් කරල කවුරු ඕව ගෙනාවත් මොකද වෙන්නේ කියන අදහස තමයි” හැමෝටම එන්නේ. ඔවුන් නිතරම සිතන්නේ රජය මගින් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්න සියල්ල විසදෙන බව. ඒ වගේම සමහර මතයක් තිබෙනවා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට බලපත්‍රයක් නිකුත් කිරීමෙන් පාරිභෝගිකයට වාසියක් ලැබෙනවා සහ වෙළඳපොළ නිසි නියාමනයක් සිදු වෙනවා කියල. කියවන්න...

ඉහල මට්ටමක මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

මුල්‍යමය ආකර්ෂණයට නැතහොත් අඩු මිලට ලබා දෙන වැදගත්කම අඩු කරමින් ඒ ටී කර්නි සමාගම ගෝලීය සේවා ස්ථාන දර්ශකය එන වසරේ නැවත ක්‍රමාංකනය කරන විට ශ්‍රී ලංකාව පළමුවැනි 25 අතරින් පහතට වැටීමට නිසැක බව දෙසතියකට පෙර මම ලියුවෙමි. ශ්‍රී ලංකාව පළමු 25 තුළ සිටින්නේ ප්‍රධාන වශයෙන් ම අප සපයන සේවාවල මිල අඩුකම නිසා ය. අපගේ දුර්වලතාව වන්නේ ශ්‍රම බලකායේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බව යි.

වගුව 1 : තෝරාගත් ආසියානු රටවල 2021 GSLI ශ්‍රේණිය සහ තෝරාගත් සංරචක ලකුණු කියවන්න...

GSP+ නොමැතිව අපට පමණක් ඇඟලූම් ක්ෂේත‍්‍රය තනිව නංවාලිය නොහැකියි – ජීවිත් සේනාරත්න

ජීවිත් සේනාරත්න විසිනි

මෙරට සමස්ත අපනයනයන්ගෙන් 47%ක් පමණ වන ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය මෙන්ම 17%ක් පමණ වන කාර්මික රැකියාවන් අප රටෙහි ආර්ථික දියුණුව හා යහ පැවැත්ම උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයිි. ඒ නිසාම එම කර්මාන්තයන්හි ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජාතික ප‍්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. කියවන්න...

ව්‍යවසායකත්වය නොසලකා හැරීමේ ආනිසංස – ආචාර්ය නයන දෙහිගම

දේශීයව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක්ක්‍රමයෙන් උද්ගත වෙමින් තිබෙන බවට ඔවුන් අතරින්ම විවිධ මතවාද පැන නැගීතිබේ. මේ ඒ පිළිබඳව දේශීය ව්‍යවසායකයකු සමග කළ සාකච්ඡාවක සටහනකි.

ඒ ව්‍යවසායකයා ආචාර්ය නයන දෙහිගමය. එපික් ටෙක්නෝලොජි සමාගම් සමූහයේ නිර්මාතෘවරයා ද ඔහුය. ජපානය, සිංගප්පූරුව හා මැලේසියාව යන රටවල ද තම සමාගම්වල ශාඛා පිහිටුවාගෙන යමින් විදෙස් වෙළෙඳ පොළඳ අත්කරගෙන සිටින දෙහිගම මහතා මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගම ද මහනුවරය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගත් ඒ මහතා ව්‍යවසායකත්වය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගෙන තිබෙන්නේ තායිලන්තයේ පිහිටි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකිනි. මේ ඔහුගේ හඬයි. කියවන්න...

ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක් – ධනනාත් ප්‍රනාන්දු

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා.

එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි. එමගින් අපේ ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව රු.300ක් විය හැකි බවත් පැව‍සෙනව. කියවන්න...