“එක රටක් – බලපත්‍ර ගොඩක්” ආර්ථික විද්‍යාත්මකව – ධනනාත් ප්‍රනාන්දු
සෑම බලපත්‍රයකින්ම සිදුවන්නේ විශාල වංචාවන්.

හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රසායනික පොහොර තහනම ඉවත් කරාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. රජය ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදු කර නැති බවත් ලබා ගත් තීරණය ඉදිරියටම පවත්වාගෙන යන බවයි. ඒ අතරම කාබනික පොහොර සහ සමහර රසායනික සංඝටක ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බවත් කියවෙනවා. මීට පෙරත් සීනි ආනයනය, පාම් ඔයිල් ඇතුළු සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තෝරාගත් පිරිසකට පමණක් බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බව සඳහන් වුණා.
බොහෝ දෙනා මේ බලපත්‍ර නිකුත් කිරීම පසුපස ඇති ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. බැලූ බැල්මටම “බලපත්‍රයක් නිකුත් කරල කවුරු ඕව ගෙනාවත් මොකද වෙන්නේ කියන අදහස තමයි” හැමෝටම එන්නේ. ඔවුන් නිතරම සිතන්නේ රජය මගින් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්න සියල්ල විසදෙන බව. ඒ වගේම සමහර මතයක් තිබෙනවා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට බලපත්‍රයක් නිකුත් කිරීමෙන් පාරිභෝගිකයට වාසියක් ලැබෙනවා සහ වෙළඳපොළ නිසි නියාමනයක් සිදු වෙනවා කියල.