චීනයෙන් ශ්‍රී ලංකාවට රෙන්මින්බි බිලියන 2 ක ( රුපියල් බිලියන 61.5 ක ) ණයක්

ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රෙන්මින්බි බිලියන 2 ක හෙවත් රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කොට ඇත.
චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කර තුබූ බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන් ය.