Month: September 2021

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින් පමණි ; පැලැස්තර විසඳුම් නැත – ඩැනියෙල් ඇල්ෆොන්සස් විසිනි

අර්බුදය කොයිබටද? : සාගින්න, විරැකියාව හා ණය තුරන් කිරීම

ඉතිහාසය පුරාවට රටවල් විවිධාකාර අර්බුද වලට මුහුණපා තිබේ. එහෙත් ඉදිරි දශක ගණනාවක් පුරාවට ප්‍රතිවිපාක වලට මුහුණදීමට මඟපාදන තරම් දරුණු මට්ටමේ ව්‍යසන ඇත්තේ ස්වල්පයකි. 20 වැනි සියවසේ ශ්‍රී ලාංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී එවැනි අර්බුද දෙකක් කැපී පෙනෙයි – එනම් 1929 දී ඇතිවූ ගෝලීය මහා ආර්ථික අවපාතය නිසා  ලංකාවට මුහුණපෑමට සිදුවූ අර්බුදය හා 1970-77 කාලයේදී අත්විඳි හාල් පෝලිම් යුගයයි. අඳුරැ වලාවක් මෙන් ඉතිහාසයේ සටහන් වන මෙකී අත්දැකීම් විසින් ඉන් පසු එලඹි දශකවල රටේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරන ලදී. මහා ආර්ථික  අවපාතයේ දී, ගෝලීය ණය අර්බුදයක් සමඟ වෙළඳ භාණ්ඩ වල මිල සීඝ්‍රයෙන් අඩු වීම හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය නොවූ  වතු ආර්ථිකය විනාශයට පත්විය. ඉන්පසු මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලවල් මත යැපීම අවම කිරීම සඳහා සම්මුතියක් ඇති කර ගන්නා ලදී.

1934 දී නිදහසට පෙර  ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ප්‍රමුඛතම විශ්ලේෂණය වූ  ලංකාවේ බැංකු කොමිෂන් වාර්තාව  නිරීක්ෂණය කල පරිදි, “ලංකාවේ ආර්ථික ව්‍යුහය හේතුවෙන් රටට මුහුණ දීමට සිදුවන අවදානම කොතරම්ද යන්න මෙම කාල පරිච්ඡේදයේ  තරම්  ප්‍රබල ලෙස දැනී තිබුනේ නැත. රටේ ධනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක්  උපයා දෙන ප්‍රධාන නිෂ්පාදන තුන වූ තේ, රබර් සහ පොල් වලින් ලද ආදායම මෙම අවපාතයේ දී බරපතල ලෙස පසුබෑමට ලක්විය. අනෙකුත් රටවල ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රබල විශ්වාසයක් බවට පත් වූ ආර්ථික ස්වයංපෝෂිතභාවය ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත විය”. යුධ කාලීන සැලසුම්කරණයෙන් සහ රුසියාව කාර්මිකකරණය කිරීමේදී සෝවියට් රුසියාව අනුගමනය කල විධාන ආර්ථිකයේ සාර්ථකත්වයත් සමඟ පුද්ගලික සමාගම් වෙනුවට රජය මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජාතික ස්වාධීනත්වයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වන බව මෙම කාලයේදී යටත්විජිත වශයෙන් සිට නිදහස ලද තුන්වන ලෝකයේ රටවල් අතර පැවති පොදු මතයක්/එකඟතාවයක් විය.  කියවන්න...

යට ඇදුම් වලට යටින් තියන ආර්ථික විද්‍යා​ව – ධනනාත් ප්‍රනාන්දු

පසුගිය දිනවල යට ඇදුම් ගැන සමාජ මාධ්‍ය කතා බහ පැති ගොඩකට විහිදිලා ගියා. ගොඩක් අය අහපු මූලිකම ප්‍රශ්ණය තමයි ලෝකෙම ප්‍රධාන පෙළේ සන්නාම වන වික්ටෝරියා සීක්‍රට්(Victoria Secret), ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), පින්ක් (PINK) වගේ ආයතන සඳහා යට ඇදුම් මහන්න ලංකාවෙ අපිට පුලුවන්නම් ඇයි අපිට අපේම යට ඇදුම් ටික මහ ගන්න බැරි කියල. 

මේ තර්ක දැකල මට පොඩි කාලෙ කතාවක් මතක් වුණා. පොඩි ලමයෙක් විදියට මං ඉස්සර තාත්තගෙන් නිතරම අහන ප්‍රශ්ණයක් තමයි දොස්තර මහත්තයට අසනීප වුණොත් එයාම වෙද නලාවෙන් එයාවම බලාගෙන ඒ දොස්තර මහත්තයම එයාට ඕන බෙහෙත් එයාම ලියා ගන්නවද නැත්තම් එයා වෙන දොස්තර කෙනෙක් ගාවට යනවද කියල. ඔය වගේ තර්ක කීපයක්ම මට තිබුණා. හැමෝගෙම කොන්ඩෙ කපන බාබර් මහත්තයට ඇයි එයාගෙම කොන්ඩෙ කපා ගන්න බැරි වගේම හොඳම ශල්‍ය වෛද්‍යවරයෙක්ට සැත්කමක් කර ගන්න ඕන වුනොත් ඔහුට ඔහුගේම සැත්කම කර ගන්න පුලුවන්ද වගේ ප්‍රශ්ණ.  මට හිතුණෙ පොඩි ළමයෙක් විදියට මට නොතේරුණු සාමාන්‍ය දැනීමම වෙනත් විදියට සමාජ මාධ්‍ය වල යට ඇදුම් සංවාද වලින් එලියට අවිල්ලා ආර්ථික විද්‍යා මූලධර්ම යට යනවද කියල. අපි ප්‍රශ්ණයේ මුලට යමු.  කියවන්න...

හම්බන්තොටට බස්-වෑන් එකලස් කිරීමේ කම්හලක්

බස් රථ සහ වෑන් රථ දේශීයව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් හම්බන්තොට කාර්මික උද්‍යානයේ ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට චීනයේ ෂියාමන් කිං ලොන්ග් සමාගම සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය පසුගිය සතියේ එළැඹිණි.

බස් රථ සහ වෑන් රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයකු වන ෂියාමන් කිං ලොන්ග් සමාගම 1988 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, රටවල් 140කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අලෙවි කරයි. කියවන්න...

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමට කවියක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අර්බුදය සහ අපට තිබෙන පිළිතුරු එතුමාගේ කවියෙන්ම සොයා ගැනීමයි අප උත්සාහ කරන්නේ. එතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඉතාම මැනවින් පැහැදිලි කළා. එතුමා ඉදිරිපත් කළ කවියේ සම්පූර්ණ අර්ථය දැන ගැනීමෙන් අර්බුදයේ ගැඹුරද අපට හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වෙනවා.

මේ කවියෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මිනිසෙක් මුහුණදුන් ඉතා භයංකාර අත්දැකීමක්. ඒ ඇවිදින මිනිසා හරියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගෙයි. කියවන්න...

අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිවීම හේතුපල දහමින් තේරුම් ගනිමු – ධනනාත් ප්‍රනාන්දු

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ ඇයි මේ භාණ්ඩවල මිල එක පාරටම වැඩි වෙන්නෙ කියල. සුපුරුදු විදියටම ඉතිං භාණ්ඩවල මිල වැඩි වෙනවා කියන්නෙ පවතින රජය සෑහෙන්න බැනුම් අහන වැඩක්. ඒනිසා වැඩි වෙන බඩු මිලට එක එක හේතු පැහැදිලි කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මිල වැඩි වෙන්නේ වෙළෙඳුන් බඩු හංගගෙන වැඩි ලාභ උපයාගන්න කරන උප්පරවැටියක් නිසා කියල. වෙළෙඳුන් විතරක් නෙවෙයි, බොහෝ වෙලාවට පවතින ආණ්ඩුව කියන්නෙත් මේක රජය අපහසුතාවට පත් කරන මහා කුමන්ත්‍රණයක්, මේකට විරුද්ධ පක්ෂයත් සම්බන්ධයි කියල. කියවන්න...

යුද්ධය දිනාගෙන – ආර්ථික යුද්ධය ඇන ගැනීම – නිශාන්ත කමලදාස

මොන කටයුත්තේ දී පසුබෑවත් යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ උපාය මාර්ගය ඵල දැරූ බව යුද්ධයේ විවේචකයන්ගේ පවා පිළිගැනීම ය. එහි දී සිදු වූයේ අභියෝග රැසක් තිබිය දී ද පසුබැසීමට තීරණය නොකර ආක්‍රමණශීලී උපාය මාර්ගය ම තෝරා ගැනීම ය.

යුද්ධයක් තුළ තාවකාලික පසුබැසීම් කළ යුතු වුව ද හැම විටම මානසිකත්වය ආක්‍රමණශීලී මට්ටමක පවත්වා ගත යුතු ය. අභියෝග ඉදිරියේ පසුබැසීමට හැම විට ම තීරණය කරන හමුදාවකට යුද්ධයක් ජය ගැනීමට බැරි ය. කියවන්න...

“මැණිකේ මගේ හිතෙත්” අර්ථික විද්‍යාව – ධනනාත් ප්‍රනාන්දු

 ගුවන් විදුලිය සහ රූපවාහිණිය ජනප්‍රිය වුණු කාලේ ගායකයෙක්ට තමන්ගෙම ගීතයක් ප්‍රචාරය වෙනවා කියන්නෙ ඉහේ මලක් පිපුණා වගේ තමයි. ප්‍රචාරය කිරීම සැලකුවෙ ගෞරවයක් විදියට. ජනප්‍රියභාවයෙන් ලබා දෙන ගෞරවයට අමතරව කතෘභාගය කියල මුදලකුත් ගෙව්වා ගායකයට, සංගීතවේදියාට සහ පද රචකයට. කාලය වෙනස් වුණා. පස්සේ ගීතයට කතෘභාගය ගෙවීම කෙසේ වෙතත් ගීතය ජනප්‍රිය කරල දෙන්න අදාල නාලිකාව සල්ලි ගත්තා. ගීත ජංගම දුරකතනව වල “රිගිං ටෝන්” වලට ලබා දීලා අදාල ගීතවල අයිතිකරුවන් මුදල් උපයා ගත්තා. හැබැයි ඔය හැම තැනකම එක දෙයක් පොදුයි. ඒ තමයි අදාළ ගායකයට, පද රචකයට සහ තනු නිර්මාණයට ලංකාව කියන දූපත ඇතුළට සීමා වීම. 

ඒ යුගයත් අවසන් වෙලා දැන් ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට. ඒතමයි සංගීතය ලෝකයත් එක්ක ගණුදෙනු කරන යුගය. ඒ වගේම ඒ තමයි යූ ටියුබ් යුගය. යූ ටුබ් හරහා ගීතය ජනප්‍රියවෙනවනම් එම නැරඹුම් වාර ගානට අනුව මුදල් ලැබෙනවා.  යුගය මොකක් වුණත් මේ හැම යුගයකම ගීතය පිටිපස්සේ ආර්ථික විද්‍යාවක් තිබ්බා. යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ” ගීතය ලොව පුරා ජනප්‍රියවීමත් එක්ක නැවතත් ගීතය පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව අවබෝධකර ගැනීම වටිනව. ඒ වගේම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික දියුණුවක් ළගා කර ගනීමට අවශ්‍ය මූලික කරුණු යොහානිගේ ගීතය ජනප්‍රිය වීමෙන් පෙන්නුම් කරනවා.  කියවන්න...

කොවිඩ් බැංකු ණය ගෙවීමේ සහන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට මහ බැංකුවෙන් නව චක්‍රලේඛයක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් පසුගිය සැප්තැම්බර් 01 දින නිකුත් කර ඇත.

COVID-19 වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව එහි සඳහන් වේ. කියවන්න...

ඩොලරය රු. 226 යි. පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි.

කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රු. 226.00 ක් තරම් ඉහළ අගයයක් පෙන්නුම් කර තිබුණු බවයි. කියවන්න...

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 කඩඉම පසුකරයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යාමට අද (01) දිනයේ දී සමත් විය. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,163.13 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 165.53 ක හෙවත් 1.84% ක වැඩි වීමකි.

මීට පෙර අවස්ථා කිහිපයක දීම දෛනික ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි වුවද ඒ සෑම අවස්ථාවක දීම දිනයේ ගනුදෙනු අවසානයේ දී එයට ඒකක 9,000 සීමාවෙන් මෙපිට නැවතීමට සිදුවිය. ඊයේ (01) දිනයේ දී ඒකක 8,997.60 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය සටහන් වීම එහි ආසන්නතම අවස්ථාවයි. කියවන්න...