Day: September 1, 2021

ඩොලරය රු. 226 යි. පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි.

කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රු. 226.00 ක් තරම් ඉහළ අගයයක් පෙන්නුම් කර තිබුණු බවයි. කියවන්න...

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 කඩඉම පසුකරයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යාමට අද (01) දිනයේ දී සමත් විය. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,163.13 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 165.53 ක හෙවත් 1.84% ක වැඩි වීමකි.

මීට පෙර අවස්ථා කිහිපයක දීම දෛනික ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි වුවද ඒ සෑම අවස්ථාවක දීම දිනයේ ගනුදෙනු අවසානයේ දී එයට ඒකක 9,000 සීමාවෙන් මෙපිට නැවතීමට සිදුවිය. ඊයේ (01) දිනයේ දී ඒකක 8,997.60 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය සටහන් වීම එහි ආසන්නතම අවස්ථාවයි. කියවන්න...