“මැණිකේ මගේ හිතෙත්” අර්ථික විද්‍යාව – ධනනාත් ප්‍රනාන්දු

ගුවන් විදුලිය සහ රූපවාහිණිය ජනප්‍රිය වුණු කාලේ ගායකයෙක්ට තමන්ගෙම ගීතයක් ප්‍රචාරය වෙනවා කියන්නෙ ඉහේ මලක් පිපුණා වගේ තමයි. ප්‍රචාරය කිරීම සැලකුවෙ ගෞරවයක් විදියට. ජනප්‍රියභාවයෙන් ලබා දෙන ගෞරවයට අමතරව කතෘභාගය කියල මුදලකුත් ගෙව්වා ගායකයට, සංගීතවේදියාට සහ පද රචකයට. කාලය වෙනස් වුණා. පස්සේ ගීතයට කතෘභාගය ගෙවීම කෙසේ වෙතත් ගීතය ජනප්‍රිය කරල දෙන්න අදාල නාලිකාව සල්ලි ගත්තා. ගීත ජංගම දුරකතනව වල “රිගිං ටෝන්” වලට ලබා දීලා අදාල ගීතවල අයිතිකරුවන් මුදල් උපයා ගත්තා. හැබැයි ඔය හැම තැනකම එක දෙයක් පොදුයි. ඒ තමයි අදාළ ගායකයට, පද රචකයට සහ තනු නිර්මාණයට ලංකාව කියන දූපත ඇතුළට සීමා වීම.
ඒ යුගයත් අවසන් වෙලා දැන් ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට. ඒතමයි සංගීතය ලෝකයත් එක්ක ගණුදෙනු කරන යුගය. ඒ වගේම ඒ තමයි යූ ටියුබ් යුගය. යූ ටුබ් හරහා ගීතය ජනප්‍රියවෙනවනම් එම නැරඹුම් වාර ගානට අනුව මුදල් ලැබෙනවා. යුගය මොකක් වුණත් මේ හැම යුගයකම ගීතය පිටිපස්සේ ආර්ථික විද්‍යාවක් තිබ්බා. යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ” ගීතය ලොව පුරා ජනප්‍රියවීමත් එක්ක නැවතත් ගීතය පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව අවබෝධකර ගැනීම වටිනව. ඒ වගේම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික දියුණුවක් ළගා කර ගනීමට අවශ්‍ය මූලික කරුණු යොහානිගේ ගීතය ජනප්‍රිය වීමෙන් පෙන්නුම් කරනවා.