යුද්ධය දිනාගෙන – ආර්ථික යුද්ධය ඇන ගැනීම – නිශාන්ත කමලදාස

මොන කටයුත්තේ දී පසුබෑවත් යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ උපාය මාර්ගය ඵල දැරූ බව යුද්ධයේ විවේචකයන්ගේ පවා පිළිගැනීම ය. එහි දී සිදු වූයේ අභියෝග රැසක් තිබිය දී ද පසුබැසීමට තීරණය නොකර ආක්‍රමණශීලී උපාය මාර්ගය ම තෝරා ගැනීම ය.
යුද්ධයක් තුළ තාවකාලික පසුබැසීම් කළ යුතු වුව ද හැම විටම මානසිකත්වය ආක්‍රමණශීලී මට්ටමක පවත්වා ගත යුතු ය. අභියෝග ඉදිරියේ පසුබැසීමට හැම විට ම තීරණය කරන හමුදාවකට යුද්ධයක් ජය ගැනීමට බැරි ය.