Day: September 30, 2021

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින් පමණි ; පැලැස්තර විසඳුම් නැත – ඩැනියෙල් ඇල්ෆොන්සස් විසිනි

අර්බුදය කොයිබටද? : සාගින්න, විරැකියාව හා ණය තුරන් කිරීම

ඉතිහාසය පුරාවට රටවල් විවිධාකාර අර්බුද වලට මුහුණපා තිබේ. එහෙත් ඉදිරි දශක ගණනාවක් පුරාවට ප්‍රතිවිපාක වලට මුහුණදීමට මඟපාදන තරම් දරුණු මට්ටමේ ව්‍යසන ඇත්තේ ස්වල්පයකි. 20 වැනි සියවසේ ශ්‍රී ලාංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී එවැනි අර්බුද දෙකක් කැපී පෙනෙයි – එනම් 1929 දී ඇතිවූ ගෝලීය මහා ආර්ථික අවපාතය නිසා  ලංකාවට මුහුණපෑමට සිදුවූ අර්බුදය හා 1970-77 කාලයේදී අත්විඳි හාල් පෝලිම් යුගයයි. අඳුරැ වලාවක් මෙන් ඉතිහාසයේ සටහන් වන මෙකී අත්දැකීම් විසින් ඉන් පසු එලඹි දශකවල රටේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරන ලදී. මහා ආර්ථික  අවපාතයේ දී, ගෝලීය ණය අර්බුදයක් සමඟ වෙළඳ භාණ්ඩ වල මිල සීඝ්‍රයෙන් අඩු වීම හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය නොවූ  වතු ආර්ථිකය විනාශයට පත්විය. ඉන්පසු මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලවල් මත යැපීම අවම කිරීම සඳහා සම්මුතියක් ඇති කර ගන්නා ලදී.

1934 දී නිදහසට පෙර  ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ප්‍රමුඛතම විශ්ලේෂණය වූ  ලංකාවේ බැංකු කොමිෂන් වාර්තාව  නිරීක්ෂණය කල පරිදි, “ලංකාවේ ආර්ථික ව්‍යුහය හේතුවෙන් රටට මුහුණ දීමට සිදුවන අවදානම කොතරම්ද යන්න මෙම කාල පරිච්ඡේදයේ  තරම්  ප්‍රබල ලෙස දැනී තිබුනේ නැත. රටේ ධනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක්  උපයා දෙන ප්‍රධාන නිෂ්පාදන තුන වූ තේ, රබර් සහ පොල් වලින් ලද ආදායම මෙම අවපාතයේ දී බරපතල ලෙස පසුබෑමට ලක්විය. අනෙකුත් රටවල ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රබල විශ්වාසයක් බවට පත් වූ ආර්ථික ස්වයංපෝෂිතභාවය ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත විය”. යුධ කාලීන සැලසුම්කරණයෙන් සහ රුසියාව කාර්මිකකරණය කිරීමේදී සෝවියට් රුසියාව අනුගමනය කල විධාන ආර්ථිකයේ සාර්ථකත්වයත් සමඟ පුද්ගලික සමාගම් වෙනුවට රජය මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජාතික ස්වාධීනත්වයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වන බව මෙම කාලයේදී යටත්විජිත වශයෙන් සිට නිදහස ලද තුන්වන ලෝකයේ රටවල් අතර පැවති පොදු මතයක්/එකඟතාවයක් විය.  කියවන්න...