Month: October 2021

මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යළි පහළ දමයි

පසුගිය කාලයේ දිගින් දිගට පහත දැමුණු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කටයුතු කොට ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 මට්ටම දක්වා පහළ දමා තිබේ. 

2021 ජුලි 19 වනදා සිට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳව කළ සමාලෝචනයකින් අනතුරුව ඔවුන් මෙම පහළ දැමීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.  කියවන්න...

කොටස් වෙළෙඳපොළේ් සියලු කොටස් මිල දර්ශකය දහදහස සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ  (25) දිනය අවසානයේ ඒකක දහදහසේ සීමාව ඉක්මවා ගියේ ය.

අවසන් වරට ගනුදෙනු සිදු වූ දිනයට (22) සාපේක්ෂව ඒකක 131.58 ක් හෙවත් 1.33% කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,046.80 ක් ලෙසින් සටහන් වී තිබිණි.

‘එයාර් ඉන්දියා’ විකුණා දමයි; අපේ සම්පත් කබාසීනියා කරන ‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු – මහාචාර්ය රොහාන් සමරජීව

දිනකට  සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර මිලියන 3 ක් (වසරකට ඇමෙරිකානු ඩොලර බිලියනයකට වැඩි මුදලක්) පාඩු ලැබූ ‘එයාර් ඉන්දීයා’ සමාගම විකුණා දැමුවේ ටාටා පුත්‍රයෝ නම් මහා සමූහ ව්‍යාපාරයට සොච්චමක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් සහ රාජ්‍ය ගුවන් සේවය ලෙස වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඩොලර් බිලියන 8 ක් වන දැවැන්ත ණය ප්‍රමාණයෙන් සුළු කොටසක් වූ ඩොලර් බිලියන 2 ක් එකතු කළ මිලකටය.

එසේ වුව ද, ඉන්දියානු ජනතාවට මෙය හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාවේ අප ද එය අධ්‍යයනය කොට අනුකරණය කළ යුත්තකි. කියවන්න...

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම – ධනනාත ප්‍රනාන්දු

මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’

අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා කළු ඇට අයින් කරලා ආයෙත් පාරක් හාල් සුද්ද කරලා, ගල් කැට, වැලි කැට අයින් කරලා (ගරලා) තමයි උයන්න ගන්නේ. කියවන්න...

ආර්ථිකය යළි පණගන්වන කබ්රාල්ගේ සැලැස්ම ප්‍රකාශයට පත්කරයි

October, 1, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි. කියවන්න...