කොටස් වෙළෙඳපොළේ් සියලු කොටස් මිල දර්ශකය දහදහස සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (25) දිනය අවසානයේ ඒකක දහදහසේ සීමාව ඉක්මවා ගියේ ය.
අවසන් වරට ගනුදෙනු සිදු වූ දිනයට (22) සාපේක්ෂව ඒකක 131.58 ක් හෙවත් 1.33% කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,046.80 ක් ලෙසින් සටහන් වී තිබිණි.