මෙම වසරේ ඉහළ ම උද්ධමනය ඔක්තෝබර් මාසයේ වාර්තා වෙයි

මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) වන සියයට 7.6 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 5.7 ක් ලෙස පැවතුණි. එය ඔක්තෝබර් මාසයේ සියයට 7.6 ක් වෙමින් සියයට 1.9 ක් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ කාණ්ඩ දෙකේම මිල ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
සහල්, කිරිපිටි සහ ගෑස් යන ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් සෙසු උප අයිතමවල මිල ද ඉහළ යෑම මෙම ඉහළ උද්ධමනයට හේතු වී ඇති බව මහ බැංකුව වැඩි දුරටත් කියයි.