අයවැය පියවා නැහැ ; හිගය සියයට 70 යි ; ණය බර තවත් රුපියල් බිලියන 1628 කින් ඉහළට

මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට 2022 අයවැය ලේඛනය ඉදිරිපත් කළ නමුත් අයවැය හිගය පියවා ගන්නා ආකාරය ගැන කිසිවක් සඳහන් නොකළ බවත්, වසරේ ආදායමට වඩා අපේක්ෂිත වියදම සියයයට 70 කට වඩා වැඩි බවත් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මුදල් ඇමතිවරයා අයවැය මගින් වියදම් යෝජනා සහ ආදායම් යෝජනා ඉදිරිපත් කළ ද අයවැය හිගය පියවන ආකාරය පිළිබඳව හෝ අයවැය තුලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඊයේ බෙදා දුන් මුද්‍රිත අයවැය කතාවේ ද ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවේ.