Day: November 18, 2021

බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනය ලාභ දායකයි – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.

බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15 ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65 ක් ද, එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197 ක් හෙවත් දෙගුණයකටත් වැඩි මුදලක් වැය වන බව ද සඳහන් කළේය. කියවන්න...

ආයෝජන ආපසු හරවන දේශප්‍රේමය – හර්ෂ ගුණසේන

ඉකුත්දා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ඇමෙරිකානු නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම එළැඹුණු ගිවිසුමට එරෙහිව රජයට හවුල් වූ පක්‍ෂ එකොළහක්, ලංවිම වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති එක්ව විරෝධතාවක් දියත් කරනු ලැබුවේය. නිව් ෆෝට්‍රස් එනර්ජි යනු 2014 දී ආරම්භ කරනු ලැබූ ස්වභාවික ද්‍රව වායු (LNG) සැකසුම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන සමාගමකි.

රජයට සහයෝගය දුන් පක්‍ෂ එකොළහ, රජයට එරෙහි මෙම විරෝධතා පැවැත්වූයේ මහජන මන්ත්‍රණ සභාව (මමස) යන බැනරය යටතේය. මහජන මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධියට පත් වූයේ, මහින්ද රාජපක්‍ෂගේ පාලනය පැවති සමයේ සැබෑ ජන සහභාගීත්වයක් තිබුණ කාලයේය. කියවන්න...

අයවැයේ අපේක්ෂා ඉටුවේද? – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

2022 අයවැය ගැන දැනටමත් ආණ්ඩුව පැත්තෙන් දේශපාලන පුරාජේරු ඇසෙමින් තිබේ. එහෙත් ඒ බොහෝමයක් සාහිත්‍ය වාග් පාඨ මිස ආර්ථික විද්‍යාත්මක පැතිකඩකින් කරන විග්‍රහ නොවේ. විශේෂයෙන්ම කලක් තිස්සේ අයහපත් ප්‍රතිපත්තිමය එළඹුම් නිසා කඩාවැටී කොවිඩ් වසංගතය විසින් තවත් පහත හෙළනු ලැබූ ලංකාවේ ආර්ථිකය ගැන එමගින් කතා වෙන්නේම නැත. එනිසා අයවැය ගැන ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් යථාවාදී මැන බැලීමක් කිරීම මේ අවස්ථාවේ කාලෝචිතය.

විදේශ විනිමය යනු මේ අවස්ථාවේ ලංකාව මුහුණ දෙන ප්‍රමුඛ ප්‍රශ්නයකි. ආනයන පාලනය ඉතා දැඩි ලෙස යොදාගෙන භාණ්ඩ හිඟ තත්ත්වයක් ද නිර්මාණය කරගෙන සිටින ලංකාව මේ වනවිට පාලනය වන්නේ අනෙක් රටවල්වලින් අත මාරුවට සල්ලි ඉල්ලාගෙනය. මේ ප්‍රශ්නයට අදාළව අත්‍යවශ්‍ය වන්නේ අඩුම තරමින් තවත් වසර දෙක තුනකින්වත් ප්‍රතිලාභ ලැබෙන පරිදි විදේශ විනිමය උපැයීම සඳහා අඩිතාලමක් දමාගැනීමය. එසේ නම් අපනයන සංවර්ධනයට, විදේශ ආයෝජන කැඳවාගැනීමට, සංචාරක ව්‍යාපාරය පණගැන්වීමට ආණ්ඩුවට නිසි වැඩසටහනක් තිබිය යුතුය. එහෙත් මේ අයවැයෙන් එවැනි යෝජනා ඉදිරිපත් කර නැත. ආණ්ඩුව පවසන්නේ ආයෝජන මණ්ඩලය යටතේ දිරිදීම් ප්‍රමාණවත් නැති බවය. ඒවායෙන් ආයෝජන කැඳවාගැනීමට සමත්ව නැති බවය. එහෙත් ආණ්ඩුව ද ඊට විකල්පයක් යෝජනා කර නැත. කියවන්න...