Day: December 9, 2021

ආර්ථිකයේ ව්‍යාධියට එකම බේත – මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ

රට සතු දෙස් විදෙස් ණය, බරපතළ ආර්ථීක අර්බුද රැසකට හේතුවී තිබේ. මේ ඒ පිළිබඳ විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. මහාචාර්ය කොළඹගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ණය අර්බුදය සහ ඊට කළ යුතු පිළියම් ඒ ආර්ථික විද්‍යාඥයා මෙසේ දකියි.

ලංකා ආර්ථිකය මුහුණ දී සිටින හිඟ දෙකකි. ගෙවුම් ශේෂයේ හිඟය එකකි. අනෙක රජයේ අයවැය හිඟයයි. අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 ටත් වැඩිය. එසේම ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය හෙවත් ගෙවුම් ශේෂයේ හිඟය ඇමෙරිකන් ඩොලර් බිලියන 11 ක් පමණ වෙයි. කියවන්න...

සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ? – ධනනාත් ප්‍රනාන්දු

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැකිය

ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව

දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය. ඒ අවස්ථාවේදී ඒ වාහනයේ සැබෑ අයිතිකරු එතැනට පැමිණියේය. ඉහත කී පුද්ගලයා රථයේ හිමිකරුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔබතුමා මෙච්චර ආත්මාර්ථකාමී. මේ වගේ අති නවීන වාහනයක් ගන්න මුදලින් තව කී දෙනෙක්ට සල්ලි බෙදල දෙන්න තිබුණද? ඔබතුමාලට හිතක් පපුවක් නැද්ද?” යනුවෙනි. එලෙස ආවේගය් ඇසූ පැනයට රථය හිමිකරු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුණි. ඒ  “ඉතිං මං මේ වාහනය සල්ලි දීල අරගෙන මම කරේ මගේ තිබ්බ සල්ලි ටික මිනිස්සුන්ට බෙදල දීපු එක තමයි” යනුවෙනි. මේ ප්‍රකාශයෙන් හූල්ලපු පුද්ගලයා පුදුම විය. ඔහු ආපසු මෙසේ ඇසීය. “එහෙම වෙන්නේ කොහොමද? මේ වාහනය අයිති ඔබතුමාට නං සල්ලි කොහොමද මිනිස්සුන්ට බෙදුනෙ?” යනුවෙනි.

රථයේ හිමිකරු ඊට දුන් පිළිතුරු මෙයයි. “මේ වාහනය හදල තියෙන්නේ ඉතාම දක්ෂ කාර්මික ශිල්පීන්. ඔවුන් ඉතාම දක්ෂයි. ඉතින් ගෙවපු සල්ලිවලින් කොටසක් මේක හදපු කාර්මික මහත්වරුන්ට යනවා. මේ වාහනේ තීන්ත ගාල තියෙන්නේ වාහන පින්තාරුකරුවන්. මගේ සල්ලිවලින් කොටසක් ඒ අයටත් බෙදෙනවා. මේ වාහනේට දාල තියෙන්නේ ඉස්තරම්ම වර්ගයේ ටයර්. ඒ ටයර් හදන්න මිනිස්සු රබර් ගස්වලින් කිරි කපනවා. මගේ සල්ලිවලින් කොටසක් ඒ මිනිස්සුන්ටත් යනවා. මේ වාහනයේ ආසනවල කවර හදල තිබෙන්නේ නවීන සම් වර්ගවලින්. ඉතින් ඒ සම් කර්මාන්තකරුවන්ටත් මගේ සල්ලිවලින් කොටසක් යනවා. ඒ වගේම මගේ සල්ලිවලින් කොටසක් මේ ආයතනය ලාභ විදියට උපයනවා. එයින් කොටසක් ඔවුන් ලභාංශ විදියට බෙදනවා. එතකොට ඔවුන්ටත් මගේ සල්ලි බෙදිල යනවා. ඒ ලාභයට ඔවුන් රජයට බද්දක් ගෙවනවා. ඒකෙන් රටේ දියුණුවටත් දායක වෙනවා. මේ වාහනය ගනිද්දි මං වෙනමත් බදු ගෙව්වා. ඒකත් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වගේ වියදම් වෙනවා. ඇත්තටම මගේ සල්ලි හැමෝටම බෙදිල ගිහිල්ලා මට ඉතුරු වෙන්නේ මෙන්න මේ කාර් එක විතරයි.” කියවන්න...