Day: December 18, 2021

විදුලි අර්බුදය සහ රජයේ කාර්යභාරය – කීර්ති ගොඩිගමුව

LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම අර්බුදය එන වසරේ පෙබරවාරි මාසය පමන වන විට සිදු වන ජල විදුලි නිෂ්පාදනයේ පහත වැටීම හා සමගාමිව වැඩි වන තාප විදුලි ජනනය සඳහා අවශ්‍යවන ඉන්ධන වෙනුවෙන් වැය කල යුතු ඩොලර් හිඟවීම හරහා කරලියට ඒමට නියමිතව තිබුනි.

දැන් පැමින ඇති ප්‍රශ්නය සහ ඉදිරියේ දී මුහුන දීමට ඇති තත්වය මින් පෙර අවස්ථාවන්ට වෙනස්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ අද වන විට මෙම ප්‍රශ්න තවදුරටත් කල්දැමිය හැකි තත්වයක නොමැති හෙයිනි. එනම් මෙතෙක් වලංගු වූ පැලැස්තර විසඳුම් වලින මෙම ප්‍රශ්නයෙන් ගැලවී පලායන තත්වයක ආණ්ඩුව නොපැවතීමයි. මින් පෙර අවස්ථාවලදී මෙම ප්‍රශ්න අවසන්වූයේ අමතර තාප විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම වැනි විසඳුම් වුවත් මේ අවස්ථාවේ එක් අතකින් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විනිමය හිඟයකින් පීඩා විඳින අතර අනිත් අතින් විදුලිය විකිණීමෙන් ලැබිය යුතු ආදායම වැඩිවීමක් නොමැතිකම හරහා විදුලි නිෂ්පාදකයන්ට ගෙවීම් කිරීමට අපහසු වීම හරහාත් තත්වය උග්‍ර අතට හැරී ඇත. කියවන්න...

“චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න…” – කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න – ධනනාත් ප්‍රනාන්දු

ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි ය

මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ… මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල් න්‍යායත් එක්ක… ඒ නිසා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ, චීනය අපිට වැටෙන්න දෙන්නේ නෑ වැනි අදහස්ය.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලයක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩ ඒමට ඔවුනගේ පිහිට පැතීම ද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලයක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩ ඒමට ඔවුනගේ පිහිට පැතීම ද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

මේ තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ණය පිළිබඳ සහ ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීමේ ගැටලු මාලාවක් මිස වෙනෙකක් නොවේ. අපි අද ණය පිළිබඳව සාකච්ඡාව නැවත ආවර්ජනය කරන්නේ දැන් ආර්ථික අර්බුදය තීව්‍ර වනවාත් සමගම ණය අර්බුදය දෙස නැවත බැලීම වැදගත් නිසායි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට (Albert Einstein) අනුව “මේ ලෝකෙ 8 වැනි පුදුමය නම් වැල් පොලියයි (Compound Interest). වැල් පොලිය තේරුම් ගත් කෙනා හම්බ කරන අතර තේරුම් නොගත් කෙනා ගෙවන බව අයින්ටයින් පැවසීය. දැන් ලංකාව ඉන්නේ ගෙවන පැත්තේය. කියවන්න...

ඉන්දියාවෙන් ණය දෙන්නත් අයි එම් එෆ් යා යුතු බවට කොන්දේසියක් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන දෙකකට ආසන්න ණය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසි අතර විදේශ විනිමය අර්බුදය දිගු කාලීන ලෙස විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතුය යන්න ද වන බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.

තමන් ලබා දෙන ණය මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා පමණක් බව පෙන්වා දී ඇති ඉන්දියානු බලධාරීන් දිගු කාලෙඑඑන ලෙස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ද පෙන්වා දී ඇතැයි කියති. කියවන්න...

ඇඟලුම් කර්මාන්තය: කළයුත්ත ව්‍යාපාරික ඇසකින් – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටිව්ලි කුරේ

ඇඟලුම් කර්මාන්තය රටට නැතිවම බැරි ඩොලර් නැතහොත් විදේශ විනිමය උපයා දෙන කර්මාන්තයකි. බොහෝ කාලයක සිට එයට හිමිවූයේ තෙවැනි පන්තියේ සැලකිලිය. ඇතැමුන් එය හැඳින්වූයේ සුද්දන්ට ජංගි මහන කර්මාන්තයක් ලෙසය. ඒ කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම ඉස්මතු වූයේ කොරෝනා වසංගතය නිසා නිර්මාණය වූ ආර්ථික අවපාතය නිසාය.

කොරෝනා වසංගතය මැදත් ඇඟලුම් කම්හල් ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් විශේෂ අනුග්‍රහයක් හා දිරි ගැන්වීම් කෙරිණි. එහෙත් කර්මාන්තයෙහි පවතින සියලු ප්‍රශ්න විසඳී නැත. ශත පහක් වැය නොකර විසඳිය හැකි ප්‍රශ්න ද ක්‍රමයෙන් ඇදී යයි. ගොඩ ගැසෙයි. කර්මාන්තයේ ඉතා ඉක්මනින් විය යුතු වෙනස්කම් කීපයක් ගැන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටිව්ලි කුරේ මහතා මෙසේ අදහස් දක්වයි. කියවන්න...