Day: December 20, 2021

විදෙස් ශ්‍රමිකයින්ගෙන් රට සල්ලි ගලාඒම් තවදුරටත් පහළට. නොවැම්බරයේ දී 55% කින් අඩුවෙලා

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. කියවන්න...

INSEE සමාගමේ රුහුණු කර්මාන්ත ශාලාවේ සිමෙන්ති ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනයකින් වැඩි කිරීමට පියවර

ඉහළ යන සිමෙන්ති ඉල්ලුම සපුරාලීමේ සහ වේගයෙන් පුළුල් වන INSEE නිෂ්පාදන එකතුව ශක්තිමත් කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක්

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, ගාල්ලේ පිහිටි රුහුණු සිමෙන්ට් වර්ක්ස් (Ruhunu Cement Works – RCW)  කර්මාන්ත ශාලාවේ වාර්ෂික ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. දේශීය සිමෙන්ති නිෂ්පාදනය වැඩි කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම සහ වඩාත් තිරසාර ඉදිකිරීම් නිෂ්පාදන මෙරටට හඳුන්වා දීම ඉලක්ක කරගෙන මෙම පියවර ගෙන ඇත. මෙම ආයෝජනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, සියම් සිටි සිමෙන්ට් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී Aidan Lynam මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එය නිල වශයෙන් නිවේදනය කරන ලදි. එමෙන්ම ඒ මහතා ගාල්ල කර්මාන්ත ශාලාවේ සංචාරයකද නිරත විය. කියවන්න...

ආර්ථික අර්බුදයකට පාර කැපූ අයවැයේ අංක විජ්ජා – වෙරිටේ රිසර්ච්

සෑම වසරකම නොවැම්බරයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ සහ අපේ ප‍්‍රශ්නවලට විසඳුම්ය. අය කරන බදු ගැනත්, එමගින් උපයා ගන්නා ආදායම ගැනත්, බදු ජනතා සේවයට යොදවන ආකාරයත් විස්තර කරන වාර්ෂික අයවැය, රටක ආර්ථික ඉදිරිගමන පිළිබඳ ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි.

එය එසේ විය යුතු වුවද, අවාසනාවකට මෙන් එය එසේ නොවන බව මෑතදී වෙරිටේ රිසර්ච් ආයතනය ප‍්‍රකාශයට පත් කළ, 2022 අයවැය ඇස්තමේන්තු සහ ඊට පාදක කරගත් උපකල්පන පිළිබඳ විශ්ලේෂණයක් ඇතුලත් ”පබ්ලික් රිපෝර්ට් ඔන් 2022 බජට්” යන ප‍්‍රසිද්ධ වාර්තාව පෙන්වා දෙයි. කියවන්න...