Day: December 28, 2021

යුගදනවි ගනුදෙනුව අහිතකරද? – ටියුඩර් විජේනායක

2015 නොරොච්චෝලෙ ව්‍යාපෘතියෙන් පසුව විදුලි බල ශක්තිය උත්පාදනය උදෙසා ටෙන්ඩර් කිහිපයක් කැඳවූ නමුත් ලංවීම කිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සමත් නොවූ නිසා රට මහා විදුලි අර්බුදයක් කරා ළං වෙමින් පවතී. ලංවිම අවසාන වශයෙන් ටෙන්ඩර් කැඳවූයේ දැනට පවතින සහ අනාගත බල ශක්තිය උත්පාදනබලාගාර ස්වභාවික ද්‍රව වායු (LNG) මගින් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනය කිරීම, ඒවා පාවෙන ගබඩාවක රැඳවීම සහ නැවත වායු බවට පත් කරන ඒකකයක් පිහිටුවීම, නළ මාර්ග පද්ධියක් ගොඩනගා බලාගාර වෙත ගෑස් බෙදාහැරීම යන කටයුතු උදෙසාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීම ඇමෙරිකානු සමාගමක් වූ ෆෝට්‍ර්ස් එනර්ජි වෙත ප්‍රදානය කරන්නට එකඟ වූවේය. යුගදනවි බලාගාරයට ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමත් වසර දෙකක් තුළ මෙගාවොට් 350කින් යුක්ත අලුත් බලාගාරයක් ඉදිකිරීමත් ඊටම අයත් විය. කියවන්න...

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දු- ලංකා ගිවිසුමට ලබන මස අත්සන් තැබෙයි – ද හින්දු පුවත්පත වාර්තා කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා වන ඉන්දු – ලංකා ගිවිසුමට මසක් තුළ අත්සන් තබන බව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත.

එම පුවත්පත වාර්තා කොට ඇත්තේ ගිවිසුම පිලිබඳ සාකච්ඡා කොට එය සකසා අවසන් බවත්, ඉදිරි මාසයක කාලය තුළ එයට අත්සන් තබන ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද හින්දු පුවත්පතට ඉරිදා පැවසු බවයි. කියවන්න...