මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස 15 සිට ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට පැවරීමට නියමිත ය.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 කි.
පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මෙම අධිවේගී මාර්ග කොටස නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී.
දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.
මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඉදිකර ඇත.
මේ මාර්ග කොටස ඉදිකිරීම සඳහා රු.බිලියන 137ක් වැය වී තිබේ.