Month: January 2022

මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි – සී ජේ අමරතුංග

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම අර්බුදය කුමක් ද? යන්න යි. එනම් අර්බුදයේ හේතුව  කුමක් ද ? යන්න යි.

එක අතෙකින් මෙය පැහැදිලිව හේතු හඳුනාගත හැකි අර්බුදයකි. මෙය කාලයක් තිස්සේ විදෙස් සහ දේශීය ණය ලබා ගනිමින් ඵලදායී නොවන ලෙස වියදම් කිරීම නිසා ඇති වූ අර්බුදයකි. ඇත්තෙන් ම කිවහොත් විහින් ඇති කරගත් අර්බුදයකි. ඒ ගැන බොහෝ දෙනා  උදාහරණ සහිතව පෙන්වා දී තිබේ. කියවන්න...

පෝර අර්බුද සත්‍යයේ විකෘතිය – කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර

පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව මගින් සලසා ඇති භාෂණයේ නිදහස මා වෙතද ඒ ආකාරයෙන්ම අදාළ වෙතැයි විශ්වාස කරන බැවිනි. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් නුදුරු අනාගතයේදී අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවට විවිධ අංශවලින් අදහස් ප්‍රකාශ වෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා 2021 දෙසැම්බර් 31 වැනිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් කියා තිබුණේ දේශීය නිෂ්පාදනවල ප්‍රමාණය පිළිබඳව තමාට මනා වැටහීමක් ඇති බවයි. තමා සතු ඒ වැටහීම මත අනාගතයේදී රටේ ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වෙයි. කියවන්න...

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය – කීර්ති ගොඩිගමුව

භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත.

දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ බුද්ධිමය වශයෙන් පවතින හෝ කොටස් දෙකක් ලෙස හඳුනාගැනෙයි. භූමිපුත්‍ර සංකල්පය යටතේ  වැඩි අවධානයක් යොමුවන භූමිය හා ප්‍රාග්ධනය, ගෙවල්, වාහන, කර්මාන්ත ශාලා, පොත්පත්, සතුන් ආදිය භෞතික දේපළ වශයෙනුත් නව සොයාගැනීම් අදහස් සහ වචන ආදිය බුද්ධිමය දේපළ වශයෙනුත් වර්ගීකරණය කළ හැකිය. මෙහිදී දේපළ අයිතිය යන්නෙහි අරුත සියලු ම ආකාරයේ  සම්පත් අයිතිය වුවත් එහි ප්‍රධාන සංඝටකය සහ අද මෙරට වඩාත් විවාදයට  තුඩු දී ඇති ප්‍රස්තුතය වන භූමියේ අයිතිය පිළිබඳව සලකා බැලීම සඳහා මෙහි දී  වැඩි අවධානයක් යොමු කෙරෙයි. කියවන්න...

විදුලියේ අඳුරු පැත්ත – ආචාර්ය තිලක් සියඹලාපිටිය

බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය හැක්කේ ඉල්ලුමේ ප්‍රමාණයට සරිලන පරිදි සැපයුම සහතික කළ නොහැකි තත්ත්වයකට ය. සැපයුම ප්‍රමාණාත්මකව කළ හැකි වුවද විදුලිය සපයන ආයතනවල මුල්‍ය ගැටලු තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක්ද මම විදුලි අර්බුදයක් ලෙස හඳුන්වමි. අපේ විදුලි සැපයුමෙහි මේ අර්බුද දෙකම 1992 වසරේ සිට අඩුවැඩි වශයෙන් දක්නට ලැබිණි.

දිගුකාලීන විදුලි සැපයුම සඳහා සකස් කරන ජනන සැලැසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන සන්දර්භයක විදුලි අර්බුදයෙහි පළමු පැතිකඩ එනම් ඉල්ලුමට සරිලන සැපයුම සහතික කළ නොහැකිවීමේ ප්‍රශ්නය පැන නගියි. ඉදිරි වසර විස්සක කාලය සඳහා විදුලිය ජනනය කළ යුත්තේ කෙසේද හා එසේ නිපදවන විදුලිය සම්ප්‍රේෂණය කිරීමට කවර සම්ප්‍රේෂණ මාර්ග යොදා ගත යුතුද යනාදී දේවල් ගැන විස්තර ජනන සැලැස්මෙහි හා ඊට අදාළ සම්ප්‍රේෂණ සැලැස්මෙහි අන්තර්ගතය. කියවන්න...

මධ්‍යම අධිවේගයේ මිරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මෙම මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් තිස් දෙකක් වන අතර ඒ සඳහා වන ගමන් කාලය විනාඩි 25 ක් ලෙස ගණන් බලා ඇත. කියවන්න...

හොඳටම සහනාධාර දෙන්නේ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපි අදහන හැම ආගමකම දානය ගැන කියල තියනවා. බුදු දහමේ දානය හෙවත් දන් දීම නිතරම අගය කරනවා. කතෝලික ආගමේ කියන්නේ එක අතකින් දෙන දෙයක් අනෙක් අතට නොදැනෙන්න දෙන්න කියල. මුස්ලිම් ආගමෙත් නැති බැරි අයට දීම ගැන සදහන් වෙනවා. මේ අතර වාරයේදි තමයි මුදල් අමාත්‍යතුමා මේ දින වල ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට අරගෙන රජයේ සේවකයන්ට රු. 5000ක දීමනවක්, සමෘධිලාභීන්ට රු. 1000 ක දීමනාවක්, ගොවියන්ට වී කිලෝවකට රු 25ක අමතර මිලක්, වතුකරයේ ජනතාවට මසකට රු.80 බැගින් පාන් පිටි කිලෝ 15ක් වැනි රුපියල් බිලියන 229ක් බර තිබෙන දානයකට සමාන දීමනා ගොන්නක් ඉදිරිපත් කලේ.

උද්ධමනය 12%ක් වීමත්, ආහර වර්ග වල මිල (ආහාර උද්ධමනය) 22%ක් ඉහළ යාමත් නිසා ජනතාව බඩු මිල සම්භන්ධව යම් මැසිවිල්ලක් නැගූ බව අසත්‍යක් නොවේ. එම නිසා පවතින දේශපාලන සන්දර්භය තුල මෙවැනි තීරණ දේශපාලකයන් ගනු ලබනවා. අපි අද බලන්නේ මෙවැනි දීමනා ලබා දීමේදී ලබා දිය යුතු හොදම ක්‍රමවේදය සහ මෙමගින් ආර්ථිකයට සිදිවිය හැකි බලපෑම කුමක්ද යන්නයි. කියවන්න...

වියදමට සල්ලි ගන්න රන් සංචිත විකුණු බව මහ බැංකුව පිළිගනී

මහ බැංකුව සතුව තිබු රන් සංචිත විකුණු බව පිළිගනිමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනයේ කියන්නේ සංචිතවල ද්‍රවශීලතාව ඉහළ නැංවීමට රන් සංචිත විකුණු බවයි. එහි තේරුම නම් සංචිත වියදම් කළ හැකි තත්ත්වයට පත් කළ බවයි. කියවන්න...

ඇත්තටම අපිට අපේ විදේශ ණය ගෙවා ගන්න පුළුවන් ද ? – තත්සරණි සිරිවර්ධන

2021 ජනවාරී 18 ලංකාවට ගෙවන්න තියෙන ණය වාරිකයත් සමග ණය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ණය අර්බුදය, දශක ගනනාවක් තිස්සේ සැලැස්මක් නොමැතිව ණය ලබා ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක් ණය ලබා ගන්නේ ප්‍රධාන ලෙස කාරණා 3 කට.

  1. අයවැය හිඟය පියවන්න
  2. විශාල වශෙයන් සිදුකරන යටිතල ප්‍රවර්ධන වැඩසටහන් සදහා
  3. නොසිතු ලෙස ඇතිවෙන ආර්ථික කම්පනයන් සදහා මුහුණ දීමට

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ ණය අරගෙන තම ආර්ථික කටයුතු සිදු කරනවා. එතකොට ගොඩක් දෙනක් අහන ප්‍රශ්නය තමයි අනිත් රටවල් වලට ණය ලබා ගෙන ආර්ථිකය අරගෙන යන්න පුලුවන් නම් ඇයි අපිට එහෙම කරන්න බැරි කියලා. අපේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයට ප්‍රධාන හේතුව තමයි අපි ගත්ත ණය හරි විදියට කලමනාකරණය කරන්නේ නැති එක. සමහරක් ණය අරගෙන තියෙන්නේ රාජ්‍ය අංශයේ ණය ගෙවන්න හා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්න, තවත් ණය අරගෙන තියෙනවා නැවත ප්‍රතිලාභයක් නොලැබෙන ගොඩනැගිලි හා ව්‍යාපෘති සදහා. ආර්ථික විද්‍යාවට අනුකුලව ගන්න ණය නිසි ලෙස ආයෝජනය කල යුතුයි. ඒ කියන්නේ අපි ඩොලර් වලින් ණයක් ලබා ගත්තා නම් අපි ඒ ණය ආයෝජනය කල යුත්තේ අපිට ඩොලර් වලින්ම ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් සදහායි. අපි ඒ ණය මුදල රුපියල් වලින් ප්‍රතිලාභ ලැබෙන දෙයක් සදහා යෙදුවොත් වෙන්නේ අපි මේ සල්ලි ඩොලර් වලට මාරු කරන්න ඕනේ. ඊට අමතරව අපි මේ ණය ආයෝජනය කල යුත්තේ ඒ ලැබෙන ප්‍රතිලාභයෙන් ගත්ත ණයයි  පොලියයි දෙකම ගෙවීමට පුළුවන් වෙන විදිහට. අපිට ප්‍රතිලාභයක්  නොලැබෙන ව්‍යපෘති සදහා මේ ගන්න ණය ආයෝජනය කිරීමෙන් සිද්ධ වෙන්නේ අන්තිමට ඒ ණයත් අපේ භාණ්ඩාගාරයෙන් ම ගෙවීමට සිදු වෙන එකයි, ඒ කියන්නේ වක්‍ර ලෙස රටේ ජනතාවගේ සල්ලි වලින්ම තමයි ඒ ණය ගෙවන්න සිද්ධ වෙන්නේ. . කියවන්න...

18 දා ණය නොගෙවිය යුතුයි, ගෙව්වොත් අපි තවත් ආමරුවේ – ආචාර්ය නිශාන් ද මේල්

මෙම ජනවාරි 18 වැනිදාට කල් පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරය නොගෙවිය යුතු බවත් එය ගෙව්වොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත වැටී රට තවත් අමාරුවේ වැටෙනු ඇති බවත්, වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

අප ණය ගෙවා තිබිය දී ශ්‍රේණිය පහත දමන්නේ ඇයි ? කියා කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වුව ද , ශ්‍රේණිගත කිරීමේ ආයතන බලන්නේ අතීතයේ කළ දේ නොව අනාගත හැකියාව බවත් කී මේල් මහතා වැඩි දුරටත් කීවේ අප කළ යුතු වන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ගනිමින් අනාගතය සඳහා සංචිත ගොඩනගාගැනීම බවයි. කියවන්න...

සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳෝනාව නොවේ – ධනනාත් ප්‍රනාන්දු

Port City Party එකේ tickets sold out. One Galle Face එකේ මිනිස්සු පොරකති. Super market වල මිනිස්සු පොරමින් බඩු ගනිති. ඉදින් මොන ආර්ථික අවපාතද? මිනිසුන් සන්තෝසයෙන්. මේ දිනවල බොහෝ දෙනා කියන කතාවකි මෙය.

මගේ ගම දෙණියාය වුවද බොහෝ කාලෙක සිට පදිංචිය මොරටුවේය. මටත් මේ දිනවල නිතරම කෑම වේල්, නත්තල් සාද සහ අලුත් අවුරුදු සාදවලට ඇරයුම්ය. කතාවට කියන්නේ මොරටුවේ මිනිස්සුන්ට නත්තල් ඉවර වෙන්නේ ජනවාරි මාසයේ මොරටුවේ පල්ලියේ මංගල්ලෙන් බවයි. මේ දිනවල ඇති බොහෝ සාදවල විදේශීය මත්පැන් බෝතල් වර්ග මෙන්ම කෑම බීමද ඇති පදම්ය. බැලූ බැල්මට කිසිම ප්‍රශ්නයක් නෑ කියන කතාවේද වරදක් නැත. කියවන්න...