Day: January 11, 2022

වියදමට සල්ලි ගන්න රන් සංචිත විකුණු බව මහ බැංකුව පිළිගනී

මහ බැංකුව සතුව තිබු රන් සංචිත විකුණු බව පිළිගනිමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනයේ කියන්නේ සංචිතවල ද්‍රවශීලතාව ඉහළ නැංවීමට රන් සංචිත විකුණු බවයි. එහි තේරුම නම් සංචිත වියදම් කළ හැකි තත්ත්වයට පත් කළ බවයි. කියවන්න...

ඇත්තටම අපිට අපේ විදේශ ණය ගෙවා ගන්න පුළුවන් ද ? – තත්සරණි සිරිවර්ධන

2021 ජනවාරී 18 ලංකාවට ගෙවන්න තියෙන ණය වාරිකයත් සමග ණය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ණය අර්බුදය, දශක ගනනාවක් තිස්සේ සැලැස්මක් නොමැතිව ණය ලබා ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක් ණය ලබා ගන්නේ ප්‍රධාන ලෙස කාරණා 3 කට.

  1. අයවැය හිඟය පියවන්න
  2. විශාල වශෙයන් සිදුකරන යටිතල ප්‍රවර්ධන වැඩසටහන් සදහා
  3. නොසිතු ලෙස ඇතිවෙන ආර්ථික කම්පනයන් සදහා මුහුණ දීමට

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ ණය අරගෙන තම ආර්ථික කටයුතු සිදු කරනවා. එතකොට ගොඩක් දෙනක් අහන ප්‍රශ්නය තමයි අනිත් රටවල් වලට ණය ලබා ගෙන ආර්ථිකය අරගෙන යන්න පුලුවන් නම් ඇයි අපිට එහෙම කරන්න බැරි කියලා. අපේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයට ප්‍රධාන හේතුව තමයි අපි ගත්ත ණය හරි විදියට කලමනාකරණය කරන්නේ නැති එක. සමහරක් ණය අරගෙන තියෙන්නේ රාජ්‍ය අංශයේ ණය ගෙවන්න හා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්න, තවත් ණය අරගෙන තියෙනවා නැවත ප්‍රතිලාභයක් නොලැබෙන ගොඩනැගිලි හා ව්‍යාපෘති සදහා. ආර්ථික විද්‍යාවට අනුකුලව ගන්න ණය නිසි ලෙස ආයෝජනය කල යුතුයි. ඒ කියන්නේ අපි ඩොලර් වලින් ණයක් ලබා ගත්තා නම් අපි ඒ ණය ආයෝජනය කල යුත්තේ අපිට ඩොලර් වලින්ම ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් සදහායි. අපි ඒ ණය මුදල රුපියල් වලින් ප්‍රතිලාභ ලැබෙන දෙයක් සදහා යෙදුවොත් වෙන්නේ අපි මේ සල්ලි ඩොලර් වලට මාරු කරන්න ඕනේ. ඊට අමතරව අපි මේ ණය ආයෝජනය කල යුත්තේ ඒ ලැබෙන ප්‍රතිලාභයෙන් ගත්ත ණයයි  පොලියයි දෙකම ගෙවීමට පුළුවන් වෙන විදිහට. අපිට ප්‍රතිලාභයක්  නොලැබෙන ව්‍යපෘති සදහා මේ ගන්න ණය ආයෝජනය කිරීමෙන් සිද්ධ වෙන්නේ අන්තිමට ඒ ණයත් අපේ භාණ්ඩාගාරයෙන් ම ගෙවීමට සිදු වෙන එකයි, ඒ කියන්නේ වක්‍ර ලෙස රටේ ජනතාවගේ සල්ලි වලින්ම තමයි ඒ ණය ගෙවන්න සිද්ධ වෙන්නේ. . කියවන්න...