හොඳටම සහනාධාර දෙන්නේ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපි අදහන හැම ආගමකම දානය ගැන කියල තියනවා. බුදු දහමේ දානය හෙවත් දන් දීම නිතරම අගය කරනවා. කතෝලික ආගමේ කියන්නේ එක අතකින් දෙන දෙයක් අනෙක් අතට නොදැනෙන්න දෙන්න කියල. මුස්ලිම් ආගමෙත් නැති බැරි අයට දීම ගැන සදහන් වෙනවා. මේ අතර වාරයේදි තමයි මුදල් අමාත්‍යතුමා මේ දින වල ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට අරගෙන රජයේ සේවකයන්ට රු. 5000ක දීමනවක්, සමෘධිලාභීන්ට රු. 1000 ක දීමනාවක්, ගොවියන්ට වී කිලෝවකට රු 25ක අමතර මිලක්, වතුකරයේ ජනතාවට මසකට රු.80 බැගින් පාන් පිටි කිලෝ 15ක් වැනි රුපියල් බිලියන 229ක් බර තිබෙන දානයකට සමාන දීමනා ගොන්නක් ඉදිරිපත් කලේ.
උද්ධමනය 12%ක් වීමත්, ආහර වර්ග වල මිල (ආහාර උද්ධමනය) 22%ක් ඉහළ යාමත් නිසා ජනතාව බඩු මිල සම්භන්ධව යම් මැසිවිල්ලක් නැගූ බව අසත්‍යක් නොවේ. එම නිසා පවතින දේශපාලන සන්දර්භය තුල මෙවැනි තීරණ දේශපාලකයන් ගනු ලබනවා. අපි අද බලන්නේ මෙවැනි දීමනා ලබා දීමේදී ලබා දිය යුතු හොදම ක්‍රමවේදය සහ මෙමගින් ආර්ථිකයට සිදිවිය හැකි බලපෑම කුමක්ද යන්නයි.