මධ්‍යම අධිවේගයේ මිරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මෙම මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් තිස් දෙකක් වන අතර ඒ සඳහා වන ගමන් කාලය විනාඩි 25 ක් ලෙස ගණන් බලා ඇත.