Day: January 20, 2022

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය – කීර්ති ගොඩිගමුව

භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත.

දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ බුද්ධිමය වශයෙන් පවතින හෝ කොටස් දෙකක් ලෙස හඳුනාගැනෙයි. භූමිපුත්‍ර සංකල්පය යටතේ  වැඩි අවධානයක් යොමුවන භූමිය හා ප්‍රාග්ධනය, ගෙවල්, වාහන, කර්මාන්ත ශාලා, පොත්පත්, සතුන් ආදිය භෞතික දේපළ වශයෙනුත් නව සොයාගැනීම් අදහස් සහ වචන ආදිය බුද්ධිමය දේපළ වශයෙනුත් වර්ගීකරණය කළ හැකිය. මෙහිදී දේපළ අයිතිය යන්නෙහි අරුත සියලු ම ආකාරයේ  සම්පත් අයිතිය වුවත් එහි ප්‍රධාන සංඝටකය සහ අද මෙරට වඩාත් විවාදයට  තුඩු දී ඇති ප්‍රස්තුතය වන භූමියේ අයිතිය පිළිබඳව සලකා බැලීම සඳහා මෙහි දී  වැඩි අවධානයක් යොමු කෙරෙයි. කියවන්න...

විදුලියේ අඳුරු පැත්ත – ආචාර්ය තිලක් සියඹලාපිටිය

බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය හැක්කේ ඉල්ලුමේ ප්‍රමාණයට සරිලන පරිදි සැපයුම සහතික කළ නොහැකි තත්ත්වයකට ය. සැපයුම ප්‍රමාණාත්මකව කළ හැකි වුවද විදුලිය සපයන ආයතනවල මුල්‍ය ගැටලු තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක්ද මම විදුලි අර්බුදයක් ලෙස හඳුන්වමි. අපේ විදුලි සැපයුමෙහි මේ අර්බුද දෙකම 1992 වසරේ සිට අඩුවැඩි වශයෙන් දක්නට ලැබිණි.

දිගුකාලීන විදුලි සැපයුම සඳහා සකස් කරන ජනන සැලැසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන සන්දර්භයක විදුලි අර්බුදයෙහි පළමු පැතිකඩ එනම් ඉල්ලුමට සරිලන සැපයුම සහතික කළ නොහැකිවීමේ ප්‍රශ්නය පැන නගියි. ඉදිරි වසර විස්සක කාලය සඳහා විදුලිය ජනනය කළ යුත්තේ කෙසේද හා එසේ නිපදවන විදුලිය සම්ප්‍රේෂණය කිරීමට කවර සම්ප්‍රේෂණ මාර්ග යොදා ගත යුතුද යනාදී දේවල් ගැන විස්තර ජනන සැලැස්මෙහි හා ඊට අදාළ සම්ප්‍රේෂණ සැලැස්මෙහි අන්තර්ගතය. කියවන්න...