Month: January 2022

කළ යුත්ත නොකළ යුත්ත නොතේරීම – මහාචාර්ය සිරිමල් අබේරත්න

වර්ෂ 2021 දී මෙරටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කිරීමේදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය හා සංවර්ධන අරමුණු කරා ළඟා වීම යන මූලික ප්‍රස්තුත දෙක මත අපට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකගත හැකි තත්ත්වය වූයේ පැවති මුදල් හිඟය හේතුවෙන් ආර්ථික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මහ බැංකුවට මැදිහත්වීමට සිදු වූ බවය. ඒ මුදල් අච්චු ගැසීම හරහාය. එය එක්තරා දුරකට සිදු කළ හැකි වුවත් අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිය. මන්ද එහි ඇති අහිතකර ප්‍රතිවිපාක මතු වෙන විට ඊට වඩා භයංකර තත්ත්වයක් උදා විය හැකි බැවිනි. එසේ නොකර පැවති ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගත හැකි තත්ත්වයක්ද නොවිණි. එම අර්බුදයට බලපෑ එක් සාධකයක් වූයේ කොවිඩ් ය.

එම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ධනවත් රටවලට ඒවායෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් දක්වා මුදල් වියදම් කිරීමට හැකි විය. දියුණු වෙමින් පවතින රටවලට ද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකත් තුනත් අතර මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට පිළිවන් විය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ දත්තවලට අනුව ලංකාවට ඒ අරබයා වෙන් කිරීමට හැකි වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7 ක මුදල් ප්‍රමාණයකි. එයින් ගම්‍ය වන්නේ මේ සුවිශේෂ වසංගත තත්ත්වය වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වියදම් කළ තරමට හෝ මුදල් වැය කිරීමට ලංකාව අසමත් වී ඇති බවය. කියවන්න...

රජයෙන් මේ මස සිට සහන මල්ලක්

කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී ඊයේ රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය. කියවන්න...

දෙසැම්බරයේ උද්ධමනය 12.1 දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ පරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 12.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ පිලිබඳ මහ බැංකු නිවේදනයේ මෙසේ සඳහන් ය. කියවන්න...