එක රැයේ තීරණයේ ආදීනව – ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ

එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 72 ක පමණ ආදායමකි. එය අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 දක්වා වැඩි කිරීම දැන් අපේ ඉලක්කයයි. ඒ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන්නේ පලතුරු වර්ග තුනකිනි. ඒ කෙසෙල්, අඹ හා අන්නාසි යන වර්ග තුනයි. ඒ වර්ග තුනෙන් පමණක් දැනට ලබන අපනයන ආදායම වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 18 කි. එය ඩොලර් මිලියන 95 දක්වා වැඩිකිරීම අපේ ඉලක්කයයි.
ඒ ඉලක්කවලට යාමට පළමුව රජය පැත්තෙන් අවශ්‍ය වන්නේ වාණිජමය මට්ටමෙන් වගා කිරීමට අවශ්‍ය පසුබිම හා පහසුකම් සැලසීමය. දැනට ලංකාවේ වැඩියෙන් තිබෙන්නේ ගෙවතු වගාය. අක්කරය දෙක තුන යනාදී වශයෙන් පුංචි පුංචි වගා රටපුරා විසිරී තිබේ. එහෙත් විශාල අපනයන ඉලක්කයක් තිබෙනවා නම් අප ඒ වගා මහා පරිමාණ යායවල කළ යුතුය. එය කළ හැකි ක්‍රම කීපයකි.