රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු.මිලි. 384. – තත්සරණී සිරිවර්ධන

ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ඛනිජ තෙල් සහ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබුණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න.
ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායික රාජ්‍ය සතු ව්‍යපාර 52 ක් තියෙනවා. 2006 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මේ ව්‍යාපර 52ක ලබපු මුලු පාඩුව රු. ට්‍රිලියන 1.2ක් වෙනවා.