වසර දෙකක දී රටේ ණය බර සියයට 25 කින් වැඩිවෙලා – ආචාරය නිශාන් ද මේල්

ශ්‍රී ලංකාවේ ණය බර පසුගිය වසර දෙකක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි පහක ප්‍රමානයකින් ඉහළ ගොස් ඇති බවත්, එය ඉතිහාසයේ විශාලතම වැඩිවීම බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

වසර දෙකකට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ක්ව තිබු ණය බර මේ වන විට පවතින්නේ සියයට 119 ක මට්ටමේ බව ඒ මහතා කියයි. මෙය කෙටි කාලයක සිදු වූ වැඩි ම වැඩිවීමයි.

එමෙන් ම, රටේ මුර්ත විදේශ සංචිත ප්‍රමාණය දැන් පවතින්නේ ඩොලර් ඍන බිලියන දෙකක මට්ටමේ ය. එය ද ඉතිහාසයේ නොතිබූ තත්ත්වයකි.

ඒ සමග  ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා වෙන් කළ යුතු මුදල වාර්ෂික ආදායමෙන් සියයට හැත්තෑවක් දක්වා ඉහළ ගොස් තිබේ.

ණය සමතුලිතතාව බිඳ වැටී ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහලට ම වැටී සිටීම තවත් ප්‍රශ්නයකි. දැන් රට පවතින්නේ තව දුරටත් ණය ලබාගත නොහැකි තත්ත්වයේ ය.

ඉහත කී කරුණු හතරින් එකක ඇතිවුව ද, එය බරපතළ තත්ත්වයක් බවත්, අප රටට ඒ හතරම එකවර පැමිණ තිබීම වඩාත් බරපතළ බවත්, නිශාන් ද මේල් මහතා වැඩි දුරටත් පවසයි.

සිරස රුපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට සහභාගී වෙමින් ආචාර්ය නිශාන්  ද මේල්  මහතා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *