Month: March 2022

පොලී අනුපාත දෙගුණයකට වඩා වැඩි කළ යුතුය – හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉතිරිකරන්නන්ට සැබෑ ප්‍රතිලාභයක් ලබාදීම සඳහා රටේ පොලී අනුපාත දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවන බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය. ඉදිරියේදී තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩ ඇති බැවින්, කිසිදු වැඩ පිළිවෙළක් නැති තත්ත්වය වෙනුවට, ආර්ථිකය ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළකට යාම වඩා හොඳ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 23 දින CT CLSA සුරැකුම්පත් වෙබ් අඩවියේ ‘IMF: ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙළ’ පිළිබඳව කතා කරමින් කුමාරස්වාමි මහතා කීවේ  වර්තමාන උද්ධමන අනුපාතය අනුව සාමාන්‍ය ස්ථාවර තැන්පතු සහ සේවක අර්ථසාධක අරමුදලේ සැබෑ ප්‍රතිලාභ අනුපාතය සෘණාත්මක වන බවයි.. ප්‍රශ්නය විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතා ගැටලුවක් නොවන බවත්, එය ගැඹුරු ප්‍රශ්නයක් බවත් ඒ මහතා පැවසීය.. කියවන්න...

හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම – තත්සරණී සිරිවර්ධන

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක.

අපි මුලින්ම බලන්න ඕනේ ඇයි ලංකාව මුදල් අච්චු ගහන්නේ කියලා. අපි ගෙදරක අදායම් වියදම් ගැන බලනවා වගේම, රටක් දුවද්දීත් ඒ රටේ අදායම් වියදම් ගැන බලන්න ඕනේ. මොකද රටකට අදායම් වලට වඩා වියදම් වැඩිනම් එතන අයවැය හිඟයක් පවතිනවා. ලංකාවේ අයවැය හිඟය දැන් අවුරුදු ගානකම ඉදන් තියෙන එකක්. 2020 අවුරුද්දේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 11.1%, මේකේ රුපියල් වල වටිනාකම වෙන්නේ රු.ට්‍රිලි. 1.6ක්. එතකොට සාමාන්‍යයෙන් නම් ගෙදරක වියදම් වැඩි වෙලා අදායම අඩු වෙද්දී ආයේ පඩි හම්බ්වෙනකල් ඉතුරු සති ටික දුවා ගන්න එක්කෝ loan එකක් ගන්නවා එහෙම නැත්තම් කාගෙන් හරි ඉල්ල ගන්නවා. හැබැයි ලංකාවේ අයවැය හිඟය එන්නේ රු.මිලි වලින් නිසා හැමදාම loan ගගහා කරන්න අමාරුයි. එතකොට ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල් කරන්නේ ඒ අයවැය හිඟය පියවන්න මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරලා තියෙන විදියට රු.ට්‍රිලි. 1.4 ක් විතර 2021 වර්ෂයේදී මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. කියවන්න...

උද්ධමනය 17.5% දක්වා ඉහළට ; ආහාර උද්ධමනය 24 7% යි

උද්ධමනය වැඩි වීමේ මාස ගණනාවක් තිස්සේ පැවති ප්‍රවනතාවය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනවාරි මාසයේදී එය සටහන්වූයේ 16.8% ක් ලෙසයි. කියවන්න...

ආර්ථිකය වනසන බහිරවයෝ – ආචාර්ය සරත් අමුණුගම

කොළඹ වරායේ දියුණුවට බාධා කළේ සමාජවාදී පක්ෂ හා වෘත්තීය සමිති ය

කොවිඩ් වසංගතය හා ඊට පෙර විදේශ විනිමය හැසිර වූ ස්වභාවය විසින් වත්මන් අර්බුදය ඇති කරන ලදැයි කියන ප්‍රකාශයට මම එකඟ නොවෙමි. වෙනත් ඕනෑම අර්බුදයකදී මෙන්ම මේ අර්බුදයට බලපෑ ඓතිහාසික තත්ත්ව හා වර්තමාන සන්දර්භයක්ද තිබේ. මෙම අර්බුදය ඉතිහාසයේ ගත් තීන්දු තීරණ හේතුවෙන් හටගත් එකකැයි කිව නොහැකිය. එසේම වත්මන් සන්දර්භය නිසා උද්ගත වූවකැයි ද පැවසිය නොහැකිය. එම තත්ත්ව දෙක සමගම මේ අර්බුදය බැඳී ඇත.

කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ආර්ථිකය උඩු යටිකුරු වූ බව අපි දනිමු. වෙනත් රටවල් සමග සන්සන්දනය කිරීමේදී අපට ලංකාවේ තත්ත්වය ගැන සතුටු විය හැකිය. ඉන්දියාව චීනය සහ ඇතැම් බටහිර යුරෝපා රටවල තවමත් මේ වසංගතය එදිනෙදා කටයුතුවලට බලපෑම් එල්ල කරමින් තිබේ. එහෙත් ලංකාවේ බොහෝ දුරට එම තත්ත්වය සමනය කර ඇත. කියවන්න...