හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම – තත්සරණී සිරිවර්ධන

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක.
අපි මුලින්ම බලන්න ඕනේ ඇයි ලංකාව මුදල් අච්චු ගහන්නේ කියලා. අපි ගෙදරක අදායම් වියදම් ගැන බලනවා වගේම, රටක් දුවද්දීත් ඒ රටේ අදායම් වියදම් ගැන බලන්න ඕනේ. මොකද රටකට අදායම් වලට වඩා වියදම් වැඩිනම් එතන අයවැය හිඟයක් පවතිනවා. ලංකාවේ අයවැය හිඟය දැන් අවුරුදු ගානකම ඉදන් තියෙන එකක්. 2020 අවුරුද්දේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 11.1%, මේකේ රුපියල් වල වටිනාකම වෙන්නේ රු.ට්‍රිලි. 1.6ක්. එතකොට සාමාන්‍යයෙන් නම් ගෙදරක වියදම් වැඩි වෙලා අදායම අඩු වෙද්දී ආයේ පඩි හම්බ්වෙනකල් ඉතුරු සති ටික දුවා ගන්න එක්කෝ loan එකක් ගන්නවා එහෙම නැත්තම් කාගෙන් හරි ඉල්ල ගන්නවා. හැබැයි ලංකාවේ අයවැය හිඟය එන්නේ රු.මිලි වලින් නිසා හැමදාම loan ගගහා කරන්න අමාරුයි. එතකොට ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල් කරන්නේ ඒ අයවැය හිඟය පියවන්න මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරලා තියෙන විදියට රු.ට්‍රිලි. 1.4 ක් විතර 2021 වර්ෂයේදී මුදල් අච්චු ගහලා තියෙනවා කියලා.