උද්ධමනය 17.5% දක්වා ඉහළට ; ආහාර උද්ධමනය 24 7% යි

උද්ධමනය වැඩි වීමේ මාස ගණනාවක් තිස්සේ පැවති ප්‍රවනතාවය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 දක්වා ඉහළ ගොස් තිබේ.
ජනවාරි මාසයේදී එය සටහන්වූයේ 16.8% ක් ලෙසයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ සියයට 5.7 ක් ව පැවති එය මාස ගණනාවක් තිස්සේ දිගින් දිගට ඉහළ යමින් පවතින්නේ එසේ විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරමින් සිටිය දී ය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ ජනවාරි මාසයේ උද්ධමනය දැක තමා පුදුමයට පත් වූ බවයි.
ආහාර මෙන්ම ආහාර නොවන කාණ්ඩවල සිදුවූ මිළ ඉහළයෑම් මෙම උද්ධමන තත්ත්වයට හේතුවී තිබේ.
මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ජනවාරියේ පැවති 24.4% සිට 24.7% දක්වාද ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරියේ පැවති 10.2% සිට පෙබරවාරි මාසයෙදි 11% දක්වාද ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරයි.
ආහාර, බලශක්ති සහ ප්‍රවාහන අංශ හැර පවතින උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය ද ජනවාරි මාසයේ 12.9% සිට පෙබරවාරි මාසයේදී 14.1% දක්වා ඉහළ ගොස් ඇත.
අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය මිල මේ වනවිටත් තව තවත් ඉහළ යමින් පවතියි.