මේ වසරේ මුල් මාස 5ට ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක්

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර නොමැත.