Day: October 14, 2022

අලුත් බදු නිසා පොලී අනුපාත පහළට ; ආර් ථිකයට යහපත් – ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ

ආණ්ඩුව ගැසට් කර ඇති නව බදු ක්‍රමය පීඩාකාරී ලෙස පෙනී ගියත්, එය ක්‍රියාත්මක කළ පසුව බැංකු පොලී අනුපාත ක්‍රමානුකුලව අඩුවීමෙන් ආර් ථිකයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ලංකා බිස්නස් ටී වී හි ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

මෙම බදු මගින් රජයේ ආදායම් වැඩි කරගත් විට ආණ්ඩුවේ ණය ගැනීම් අඩුවීම නිසා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා ගෙවන ඉහළ පොලී අනුපාත පහළ වැටෙන බවත්, එමගින් බැංකු පොලී ද පහළ යනු ඇති බවත්, ඒ මහතා කියයි. කියවන්න...

මාසික ආදායම ලක්ෂ දෙකක් නම් 10,500 ක් බදු ; ලක්ෂ 10 කට 286,500 යි

ලක්ෂය දක්වා බදු නැහැ

රජය ගැසට් කළ නව බදු පනත අනුව ලක්ෂ දෙකක වැටුප් ලබන්නෙකු ගෙවිය යුතු බදු මුදල රුපියල් 10,500 ක් වන අතර එය මාසික ආදායම ලක්ෂ 10 ක් වන විට රුපියල් 286,500 ක් දක්වා වැඩි වන බවට ගණන් බලා ඇත.

එම ගණන් බැලීම් අනුව මසකට ලක්ෂ තුනක් උපයන අයෙක් ගෙවිය යුතු බදු මුදල රුපියල් 35,000 කි . ලක්ෂ 4 කට 70,500 ක් , 5කට 106,500 ක් ,6කට 142,500 ක්, 7 කට 178,500 ක් 8 කට 214,500 ක් 9 කට 250,500 ක් ලෙස එය වැඩි වෙයි.

මේ බදු එපා කියන උදවිය පිළිතුරු දිය යුතු ප්‍රශ්න – ජයවීර සෙනෙවිරත්න

“වක්‍ර බදු එපා ! ඍජු බදු පනවන්න !!” යන්න පසුගිය කාලයේ බොහෝ දෙනා කී කතාවකි. එමෙන් ම පොදු ජනයා පරිභෝජනය කරන අල , ලුණු , සීනි , කිරිපිටි වලින් බදු ගන්නේ නැතිව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු බව ද , විපක්ෂය සහ වාමාංශිකයින් දිගට ම කී කතාවකි. එමෙන් ම මෙරට ජනයාගෙන් හරි අඩකට වැඩි පිරිසක් යන්තම් ජීවත්වීමට අවශ්‍ය රුපියල් පනස් දහසක වත් ආදායමක් නොලබන බව ද ඒ සමග ම කී කතාවකි.

දැන් ආණ්ඩුව කර තිබෙන්නේ ඇති හැකි අයට බදු ගැසීමයි . ඒ ලබන ආදායමේ ප්‍රමාණය අනුව වැඩි වන බද්දකි . දැන් විපක්ෂය කියන්නේ ජනතාවට දරාගන්න බැරි තරමේ බදු පනවා ඇති බව යි. කියවන්න...

රනිල් කියන්නෙ ආර් තිකය – චින්තන ධර්මදාස

මගෙන් ගොඩක් වෙලාවට ගොඩක් උන් අහන කතාවක් තමයි රනිල් කීයක් ගෙවනවද කියන එක.

ඒ කියන්නෙ රනිල් වෙනුවෙන් ලිවීමෙන් සහ කතා කිරීමෙන් මං ලබන ආර් තික ප්‍රතිලාබය. මේක බහුලව කියවෙන්නෙ අපහාසාත්මක අදහසකින්. රනිල්ගෙන් එහෙම ගෙවීමක් ලබනවා නම් ඒක අඩුකුලේ දෙයක් විදිහට. කියවන්න...

ආණ්ඩුවේ ආර් ථික ප්‍රතිපත්ති විපක්ෂයත් පිළිගන්නවා – මහාචාර් ය අමින්ද මෙත්සිල පෙරේරා

ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ දීමට හේතුව මැදි ආදායම් රටක් වීම බව සමහරු පවසති. ඒ අනුව දුප්පත් රටක් ලෙස තත්ත්වය පහළ දමා ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී වාසිදායක බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ තත්ත්වය පිළිබඳ සහ අනෙකුත් ආර්ථික ගැටලු සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සමඟ කළ කතාබහකි මේ.

– ජගත් ආයතනවල සහාය ආණ්ඩුවට ලැබෙනවා
– වෙළෙඳපොළ රකින්න නම් සල්ලි අච්චු ගහන්න ඕනෑ
– සමාජ සාධාරණ බද්ද සහන වැඩපිළිවෙළට යෙදවිය හැකියි කියවන්න...