Day: October 18, 2022

තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් කිරීමේ පනත වැඩි ඡන්ද 60 කින් සම්මතයි

පක්ෂව 77 යි ; විපක්ෂව 17 යි ; සජබ , ජාජබ විරුද්ධ වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ තෙල් සංස්ථා ඒකාධිකාරය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද , ඛනිජ තෙල්  නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 60 කින් පාර් ලිමේන්තුවේදී අද (18) පස්වරුවේ සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 77ක්  ලැබුණු අතර  ඊට  විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය හිමි සමුළුව කැඳවන්න ජපානය සුදානම් – යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) වාර් තා කරයි

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට ජපානය කටයුතු කරමින් සිටින බව යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) පුවත්පත  වාර් තා කොට ඇත. Yomiuri Shimbun ජපානයේ ප්‍රධාන නගර පහකින් එකවර පලකරන එරට ප්‍රධාන පුවත්පතකි.

මෙම සමුලුව වසර අග දී පැවැත්වීමට සුදානම් වන බව එම වාර් තාවේ සඳහන් ය. කියවන්න...