බදු වැඩි කිරීමට තීරණය කළේ කැමැත්තෙන් නොවේ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
අමාරු කාලේ අමාරු තීරණ ගන්න වෙනවා

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එම තීරණ ගන්නේ කැමැත්තෙන් නොවන බව ද ජනාධිපතිවරයා කී ය.
රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය.