උපයන විට බදු ක්‍රියාත්මක වන්නේ පනත සම්මත වීමෙන් පසුවයි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

නව බදු පනත යටතේ පනවා ඇති උපයන විට ගෙවීමේ බදු අයකර ගැනීම ආරම්භ කළ හැක්කේ එම පනත පාර් ලිමෙන්තුවෙන් සම්මත වූ පසුව පමණක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
බදු පනත ඊයේ පාර් ලීමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එයට එරෙහිව අධිකරණයට යාමේ අවස්ථාව ජනතාවට දැන් ලැබී ඇති බවත් ඇමතිවරයා කී ය.
පනතට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට දින හතක කාලයක් ලැබෙයි. පෙත්සම් ඉදිරිපත් වුවහොත් අධිකරණ විර්මශනය සඳහා දින 21 ක් වෙන් කොට ඇත. ඉන් පසුව අධිකරණයෙන් දෙන සංශෝධන වෙතොත් ඒවා ද සමග පනත පාර් ලිමෙන්තුවෙන් සම්මත කළ යුතු වෙයි. පනතේ බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ ඉන් පසුව ය.
මෙහි ඇතැම් බදු ර්වග ඔක්තෝබර් 1 දා සිට ක්‍රියාත්මක කළ හැකි වෙයි.
කෙසේ වෙතත්, උපයන විට බදු අයකිරීම ආරම්භ කළ හැක්කේ පනත පාර් ලිමෙන්තුවෙන් සම්මත කිරීමෙන් පසුව ය.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද පැවති මාධ්‍ය හමුවක දී මෙම තොරතුරු හෙළි කළේය.