ඔට්ටු සහ සූදු බදු තවත් ඉහළට

ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
කැසිනෝ ශාලාවක් සඳහා තිබූ රුපියල් කෝටි 20ක් වූ වාර්ෂික බදු මුදල පසුගිය අගෝස්තු 01 වැනිදා සිට රුපියල් කෝටි 50 දක්වා සියයට 150කින් ඉහළ නංවා ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.