තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් කිරීමේ පනත වැඩි ඡන්ද 60 කින් සම්මතයි
පක්ෂව 77 යි ; විපක්ෂව 17 යි ; සජබ , ජාජබ විරුද්ධ වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ තෙල් සංස්ථා ඒකාධිකාරය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද , ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් පාර් ලිමේන්තුවේදී අද (18) පස්වරුවේ සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.