පුර්නජනනීය බලශක්තියට විදුලි මාපියාවෙන් ලෙඩ

පුර්නජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් සපයන විදුලියට මුදල් ගෙවීම දිගින් දිගට ප්‍රමාද කිරීමත්, නව ව්‍යාපෘති සඳහා ඉටු කළ නොහැකි කොන්දේසි පැනවීමත් මගින් ඒවා අධෛර්යමත් කරමින් ලබන වසරේ සිට යලි හදිසි විදුලි මිල දී ගැනීමේ සැලැස්මක් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි මාෆියාව විසින් ක්‍රියාවට නංවා ඇති බව එම ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර් ග කියයි.
මණ්ඩලයට විදුලිය නිතිපතා සපයන කුඩා ජල විදුලි ව්‍යාපෘති ඇතුළු පුනර් ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල සැපයුම් සඳහා 2021 නොවැම්බර් මාසයෙන් පසු මුදල් ගෙවා නැති අතර එම ව්‍යාපෘති හිමියන්ට තම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් සියලු දෙනා ම පාහේ බැංකුවලින් යළි කිසිදු ණයක් හෝ පහසුකමක් ලබාගත නොහැකි වන සේ අසාදු ලේඛන ගත වී තිබේ. එමෙන් ම එම ආයතනවල ලක්ෂ ගණනක් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වීමෙන් ඔවුන් බරපතළ ලෙස පීඩාවට පත් වී ඇතැයි වාර්තා වෙයි.