Day: November 10, 2022

වැට් බදු පනත ව්‍යවස්ථාවට එකඟයි – ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව පාර් ලිමෙන්තුවට දැනුම් දෙයි

වැට් බදු ( සංශෝධන) පහත කෙටුම්පත සමස්තයක්  ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැනි නොවන බව ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කොට ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර් ලිමෙන්තුවට අද දැනුම් දුන්නේ ය.

එයට අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ගෙන එන බැවින් මෙම තීන්දුව ලබා දී ඇති බව ද දැනුම් දෙනු ලැබීය.

සංවේදී අයි එම් එෆ් ගිවිසුම පිටවෙලා – ආචාර් ය ර්හෂගෙන් චෝදනාවක්

තොරතුරු පිට ගියොත් ඇතැම් ව්‍යාපාරිකයින්ට ලොතරැයි ඇදුනා වගේ වේවි

ආණ්ඩුව පාර් ලිමෙන්තුවේ මුදල් කාරක සභාවට පවා නොදුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම නිලධාරීන් මගින් වෙනත් අය අතට පත්ව ඇති බවත්, එහි පිටපතක් තමන්ට ද ලැබුණු බවත්, ඊයේ පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළ ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා එහි ඇති සංවේදී කරුණු හෙළිදරව් වුවහොත් එය ඇතැම් ව්‍යාපාරිකයින්ට ලොතරැයි ඇදුනු තත්ත්වයක් වනු ඇතැයි ද  කීය.

එම ලියවිල්ල පාර් ලිමෙන්තුවට පෙන් වූ ර්හෂ ද සිල්වා මහතා එහි ඉතා සංවේදී කරුණු අඩංගු වන බැවින් තම එය සභාගත නොකරන බවත්, එහි අඩංගු කරුණු ප්‍රකාශ නොකරන බවත් වැඩි දුරටත් පැවසීය. කියවන්න...

ඉන්දියාවේ අදානිට ලබා දුන් කොළඹ වරායේ බටහිර ර්පයන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

ඩොලර් මිලියන 789 ක ආයෝජනයක්

ඉන්දියාවේ අදානී සමාගමේ ආයෝජනයක් වන කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්  ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විශේෂ ආරාධිතයෙකු ලෙස එම අවස්ථාවට සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 789ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. එයට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය 51%ක් ආයෝජනය කර ඇති අතර ජෝන් කීල්ස් සමගම සතුව 34%ක කොටස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) 15%ක  ලෙස කොටස් හිමිවේ. කියවන්න...

ණය කළමනාකරණයට ජනපති-IMF ප්‍රධානී අතර සාකච්ඡාවක්

ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික COP 27 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ණය කළමනාකරණය පිළිබඳ ඊයේ (09) සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවට ඝානාවේ මුදල් ඇමැති කෙන් ඔෆෝරි අටා සහ මාලදිවයින් කථානායක මොහමඩ් නෂීඩ් මහත්වරුන් ද එක්ව සිටි අයුරු.

දිනමිණ