ඉන්දියාවේ අදානිට ලබා දුන් කොළඹ වරායේ බටහිර ර්පයන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි
ඩොලර් මිලියන 789 ක ආයෝජනයක්

ඉන්දියාවේ අදානී සමාගමේ ආයෝජනයක් වන කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විශේෂ ආරාධිතයෙකු ලෙස එම අවස්ථාවට සහභාගී විය.
මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 789ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. එයට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය 51%ක් ආයෝජනය කර ඇති අතර ජෝන් කීල්ස් සමගම සතුව 34%ක කොටස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) 15%ක ලෙස කොටස් හිමිවේ.
ජැටියේ දිග මීටර් 1400 ක් වන අතර සම්පූර්ණ ර්පයන්ත ප්‍රමාණය හෙක්ටයාර් 65 ක් වන අතර බහාලුම් ධාරිතාව මිලියන තුනකි. ර්පයන්තය අදියර දෙකකින් ඉදි කෙරේ.
පළමු අදියර යටතේ ස්වයංක්‍රීය ර්පයන්ත දොඹකර 18ක් සවි කෙරෙන මීටර් 800ක ජැටියක් ඉදිකෙරේ.
ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ර්අබුදය විසඳීමට ඉන්දීය රජය ලබාදෙන සහය පිළිබඳව ප්‍රශංසාව පළ කරමිනි.
ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟ තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලැබෙනු ඇති අතර විදේශ විනිමය වැඩි වශයෙන් රට තුළට ගලා ඒමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉපැයීම් ධාරිතාව ඉහළ යනු ඇතැයි ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය තුළින් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දීය නියෝජිත බග්ලේ ප්‍රකාශ කර ඇති අතර ව්‍යාපෘතිය සඳහා තම සුබපැතුම් පළ කළේය.
වරායේ නැගෙනහිර ර්පයන්තය ඉදිකිරීම ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට පසුගිය රජය දැරූ උත්සාහයට වෘත්තීය සමිති විරුද්ධ වූ අතර ඔවුන්ගේ යෝජනාවක් මත බටහිර ර්පයන්තය එම සමාගමට ලබාදීම සිදුවීය