සංවේදී අයි එම් එෆ් ගිවිසුම පිටවෙලා – ආචාර් ය ර්හෂගෙන් චෝදනාවක්
තොරතුරු පිට ගියොත් ඇතැම් ව්‍යාපාරිකයින්ට ලොතරැයි ඇදුනා වගේ වේවි

ආණ්ඩුව පාර් ලිමෙන්තුවේ මුදල් කාරක සභාවට පවා නොදුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම නිලධාරීන් මගින් වෙනත් අය අතට පත්ව ඇති බවත්, එහි පිටපතක් තමන්ට ද ලැබුණු බවත්, ඊයේ පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළ ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා එහි ඇති සංවේදී කරුණු හෙළිදරව් වුවහොත් එය ඇතැම් ව්‍යාපාරිකයින්ට ලොතරැයි ඇදුනු තත්ත්වයක් වනු ඇතැයි ද කීය.
එම ලියවිල්ල පාර් ලිමෙන්තුවට පෙන් වූ ර්හෂ ද සිල්වා මහතා එහි ඉතා සංවේදී කරුණු අඩංගු වන බැවින් තම එය සභාගත නොකරන බවත්, එහි අඩංගු කරුණු ප්‍රකාශ නොකරන බවත් වැඩි දුරටත් පැවසීය.
පාර් ලිමෙන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට වත් නොදුන් මෙම ලියවිල්ල ජනාධිපති කාර් යාලයේ පැවති ඉහළ නිලධාරීන්ගේ රැස්වීමක දී බෙදා දී ඇති බව කී ඒ මහතා එසේ කළේ ඇයිදැයි ප්‍රශ්න කළේය.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර් ලිමෙන්තුවේ දී කීවේ ආණ්ඩුව අයි එම් එෆ් ගිවිසුමවත් පාර් ලිමෙන්තුවට නොදී පාර් ලිමෙන්තුවේ වැඩ කටයුතු ගැන ප්‍රශ්න කිරීම වැරදි බවයි.
ඉතා සංවේදී කරුණු ඇතුළත් නිසා අයි එම් එෆ් ගිවිසුම ප්‍රසිද්ධ කළ නොහැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මුල සිට ම ප්‍රකාශ කළේය.