ආනයනික භාණ්ඩ රැසක සෙස් බදු ඉහළට

පසුගිය කාලයේ ආනයනය සීමා කර තිබු භාණ්ඩ රැසක සෙස් බදු ඉහළ දමා  ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. එම ආරංචි මාර්ග කියන්නේ බදු වැඩි කිරීමත් සමග ආනයනයට තිබු සීමා ඉවත්වනු ඇති බවයි.

මුදල් ඇමැති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ යෝජනා අනුව මෙම බදු වැඩි කිරීම ඊයේ සිට ක්‍රියාත්මක කොට තිබේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්ද, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්ද, අර්තාපල් කිලෝවක් රුපියල් 220කින්ද, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද, බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550කින්ද, චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින්ද ඉහළ දමා තිබේ. මීට අමතරව බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් හැටකින්ද (60) කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සිය හැත්තෑවකින්ද (370) ඉහළ දමා ඇත.

මීට අමතරව රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාත්, පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වාත්, බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට විසිපහක්ද (25%), අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයකින්ද, ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද වශයෙන් බදු අය කරන ලෙස රේගුවට දන්වා තිබේ.

එහෙත් තොග ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ සහල්, ලූනු ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 24කට සෙස් බද්ද බල නොපාන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *