ශ්‍රී ලංකාවට මූල්‍ය සුරක්ෂිතතාවය පිලිබඳ ණයහිමියන්ගේ සහතිකය කඩිනමින් ලබාදීම අවශ්‍යයි – ජී 20 රාජ්‍ය නායකයෝ කියති

චීන ජනාධිපති ෂී ජින්පින් , ඉන්දියාවේ මෝදී , ඇමෙරිකාවේ බයිඩන් සහභාගී වෙති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉදිරි මූල්‍ය සුරක්ෂිතතාවය පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් සහතිකයක්  ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා දීම අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති හෙයින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය කරන බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන චීනයේ ජනාධිපති ෂී ජින්පින්, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී , මහත්වරුන් ද මෙම සමුවට සහභාගී සිටිති. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එයට සහභාගී වෙති

ජී-20 යනු ලෝකයේ ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අන්තර් රාජ්‍ය සංසදයකි. එයට ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, මෙක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය රටවල් 19 කින් සහ යුරෝපීය සංගමය ඇතුළත් වේ.

ඉන්දුනීසියාවේ බාලි දුපතේ දැන් පැවැත්වෙන G20 සමුළුවට සහභාගිවී සිටින ලොව ප්‍රධාන පෙළේ රටවල නායකයින් මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ ගැටලුව පිළිබඳ ඊයේ (15) අවධානය යොමු කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකාව ගැනත් වැඩි අවධානයක් යොමු වූ බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව G20 රටවල නායකයින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විවිධ රටවල් සිදුකර ඇති ඉල්ලීම්වලට බහු ණයහිමි රටවල් විසින් යහපත් ප්‍රතිචාර කඩිනමින් ලබාදිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *