අයි එම් එෆ් අනුමැතිය ප්‍රමාද වුණත් දැන් අවුලක් නැහැ – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ වැඩ පිළිවෙළට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහෙත් යම් හෙයකින් එය ප්‍රමාද වුව ද, දන තිබෙන මුදල් තත්ත්වය යටතේ අරතිකය කළමනාකරණය කරගත හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර් ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

යම් හෙයකින් මෙම අනුමැතිය ලබා ගැනීමේ දෙසැම්බර් ඉලක්කය සපුරා ගත නොහැකි වුවහොත් , ජනවාරි මාසයේ එය කරගත හැකි බවත්, මාර් තු වන තෙක් සිටිය යුතු බවට පලවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නැති බවත් ඒ මහතා කියයි.

මේ වන විට විදේශ මුදල් ලැබීම් මෙන් ම දේශීය බැංකුවල මුදල් තත්ත්වය ද යහපත් අතට පත්වෙමින් පවතියි. ජුලි මාසයෙන් පසුව ආර්ථිකය වෙනත් මුදල් ලැබීම් නැතිව කළමනාකරණය කිරීමට හැකි වී තිබේ.එබැවින් තවත් මාස කිහිපයක් එලෙස කළමනාකරණය කර ගැනීමේ කිසිදු අපහසුතාවක් නොමැත.

එමෙන් ම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්චා ද සාර්ථක ය.

මුල්‍ය ප්‍රතිපත්ති දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකු අධිපතිවරයා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *